දයාවේ ධර්මදූතයන් පිටත් කිරීම පාද්‍රේ පියෝ බැල්ම මත

Missionaries of Mercy to be sent under the gaze of Padre Pio



(2016 ජනවාරි 6)
දයාවේ ශුද්ධ වසරේ "දයාවේ ධර්මදූත පියවරුන්" ගේ දහම් සේවාව ඇරඹීමත් සමග ශු. පියෝ පියතුමන් ගේ දේහය වතිකානයේ දී ප්‍රදර්ශනය කිරීමට ප්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. මෙහි අරමුණ පව් සමාවේ ප්‍රසාද නිධානයට බොහෝ සේ ප්‍රේම කල "ශු. පියෝ පියතුමාගේ බැල්ම තුළ" දයාවේ ධර්ම දූත" සේවාව ආරම්භ කිරීමයි.  

මෙම ජයන්ති වසරේ එක් සුවිශේෂී සිදුවීමක් වන්නේ "දයාවේ ධර්මදුත පියවරුන්" ලෙස නම් කෙරෙන පුජාප්‍රසාදීන් කණ්ඩායමක් පාප් වහන්සේ විසින් පිටත් කර යවනු ලැබීමයි. ඔවුන් ගේ ප්‍රධාන දූත සේවාව වන්නේ ලොව පුරා ගොස් දේශනා කිරීම හා සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය (පාපොච්චාරණය) ලබා දීමයි. ලබන පෙබරවාරි 10 වැනිදාට යෙදෙන අළු බදාදා දින වතිකානයේ පැවැත්වෙන මෙහෙයේ දී පාප් වහන්සේ විසින් මේ සඳහා විශේෂයෙන් තෝරා ගන්නා ලද පූජකවරුන්ට මෙම දහම් සේවාව සඳහා බලය පැවරෙනු ඇත.

පියෝ පියතුමන් ගේ ශුද්ධවූ ධාතු ප්‍රදර්ශනය ඇරඹෙන්නේ ඊට සමගාමීවයි.  ජේසු සමිඳුන් ගේ කරුණාවේ හදවත බඳු සමගි සන්ධාන සක්‍රමේන්තුවේ ධර්මදුතයන් ලොව පුරා පිටත් වන මොහොතේ පියෝ පියතුමන්ගේ දේහය ප්‍රදර්ශනය කිරීම ඇරඹීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැඩි උනන්දුවෙන් පසුවන බව නව ධර්මදානය පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී අති උතුම් රිනෝ ෆිසිෂෙල්ලා කාදිනල් හිමි පවසයි. එතුමා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මැන්ෆ්‍රෙඩෝනියා - වියෙස්ටේ සන් ගියෝවන්නි රොටොන්ඩෝ  අගරදගුරු මිෂෙල් කස්තොරෝ හිමිපාණන් වෙත ලිපියක් යවමිනි.

" පාප් වහන්සේ විසින් 'දයාවේ ධර්මදූතයන් ලොව පුරා යැවෙන්නේ මේ අළු බදාදා " යයි. ෆිසිෂෙල්ලා කාදිනල් හිමි එම ලිපියේ සඳහන් කරයි. "පව් සමාව පතා එන්නන් දෙවි පියාණන් වහන්සේ විසින් ආදරයෙන් පිළිගනු ලැබීමේ ජීවමාන සංකේත බවට මෙම පුජාප්‍රසාදින් පත් වනු ඇත.  ඔවුනට දේශනා කිරීමේ හා පව් සමා කිරීමේ විශේෂ බලය පවරා ලොවපුරා පිටත් කිරීම අළු බදාදා සිදුවෙයි. "

ශු. පියෝ පියතුමා සහ පව් සමාව දානය කිරීම අතර ඇති සම්බන්ධතාව ද ෆිසිෂෙල්ලා කාදිනල් හිමි මෙම ලිපියේ විස්තර කරයි. "වෙහෙස නොබලා ජනතාව සාදරයෙන් පිළිගත්තා වූ  ඉවසිලිවන්ත පාපොච්චාරණය දානය කරන්නකු වූ ශු. පියෝ පියතුමා, පියාණන් වහන්සේ ගේ කරුණාවේ අව්‍යාජ සාක්ෂිකාරයෙක් විය. එතුමන් ගේ ශුද්ධ ධාතු ප්‍රදර්ශනය කිරීම, සියලු ධර්ම දුතයන්ටත් සියලු පුජකවරුනටත් අමිල වූ සංකේතයක් වනු ඇත. එතුමාගේ පුදුමාකාර ආදර්ශයෙන් සියලු පුජකවරුන් හා ධර්මදුතයන් සිය ශක්තිය ලබා ගනු ඇතැ" යි  එම සම්බන්ධතාව පහදමින් කාදිනල් හිමි ප්‍රකාශ කර තිබේ. මෙම ධර්මදූත පියවරුන් ගේ විශේෂත්වයක් වන්නේ වතිකානයට පමණක් සමාව දීමට බලය ඇති ඇතැම් පාප සමා කිරීමේ බලය ද පාප් වහන්සේ විසින් ඔවුනට පවරනු ලැබීමයි.

පාද්‍රේ පියෝ" හෝ "පියෝ පියතුමා" යන ලබැඳි නම් වලින් හඳුන්වන ලද පියත්‍රෙල්චිනා හි ශු. පියෝ මුනි තුමා (1887-1968) කුඩා කැපුචින් තාපස නිකායේ පියතුමෙක් විය.  අතිශය ශුද්ධවන්ත ජීවිතයක් ගතකල එතුමා ඉතා දයාවෙන් පව් සමාවේ ප්‍රසාද නිධානය දානය කරන්නකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. එතුමා ගේ ශුද්ධවන්ත ජීවිතය නිසා අසීසියේ ප්‍රැන්සිස් මුනිඳුන්ට සේ පියෝ පියතුමන්ට ද ජේසු සමිඳුන් ගේ ශ්‍රී වනකැළැල් හිමි විය. ආධ්‍යාත්මික වර්ධනය සඳහා නීති පහක් අනුගමනය කළ පියෝ පියතුමා එය අනුසාර කරන්නැයි තමන් ගෙන් ඉගෙන ගත දෙව්සත්හල් සිසුන්ටද ගිහියනට ද උපදෙස් දුන්නේ ය. සතිපතා පාපොච්චාරණය කිරීම, දිනපතා දිවය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම, ආධ්‍යාත්මික කියවීම්, භාවනාව සහ (රාතියේ නිදන්නට පෙර) හර්දය සාක්ෂිය සෝදිසි කිරීම එම නීති පහයි. උදාසන 'යුද්ධයට සුදානම් වීම සඳහා ද , රාත්‍රියේ නින්දට පෙර "ආත්මය පවිත්‍ර කර ගැනීම" සඳහා ද හර්දය සාක්ෂිය සෝදිසිය යහපත් බව එතුමා කීවේය. එතුමා ගේ ආදර්ශ පාඨය "යාච්ඥාකරන්න, බලාපොරොත්තු වන්න, කනස්සලු නොවන්න" යන්නයි. රෝග පීඩාදියෙන් මහත් දුක් විඳිමින් සිටි එතුමා ඒවා නොතකා දිනපතා දිව්‍ය පූජාව ඔප්පු කරමින් ද සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කරමින් ද කැපවී සේවාවක් කළේය. ස්වර්ගස්ථ වීමට පෙර දින ද 50 දෙනකු ගේ සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කල එතුමා තමාට ද එම සක්‍රමේන්තුව දානය කරන්නැයි තාපසාරාමයේ නායක පියතුමන්ගෙන් ඉලා සිටියේ ය. 1999 දී භාග්‍යවරයට ඔසවන ලද එතුමා 2002 දී ශු. දෙවැනි ජුවාම් පාවුල් පාප් වහන්සේ විසින් සාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

"පාද්‍රේ පියෝ" හෝ "පියෝ පියතුමා" යන ලබැඳි නම් වලින් හඳුන්වන ලද පියත්‍රෙල්චිනා හි ශු. පියෝ මුනි තුමා (1887-1968) කුඩා කැපුචින් තාපස නිකායේ පියතුමෙක් විය.  අතිශය ශුද්ධවන්ත ජීවිතයක් ගතකල එතුමා ඉතා දයාවෙන් පව් සමාවේ ප්‍රසාද නිධානය දානය කරන්නකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. එතුමා ගේ ශුද්ධවන්ත ජීවිතය නිසා අසීසියේ ප්‍රැන්සිස් මුනිඳුන්ට සේ පියෝ පියතුමන්ට ද ජේසු සමිඳුන් ගේ ශ්‍රී වනකැළැල් හිමි විය. ආධ්‍යාත්මික වර්ධනය සඳහා නීති පහක් අනුගමනය කළ පියෝ පියතුමා එය අනුසාර කරන්නැයි තමන් ගෙන් ඉගෙන ගත දෙව්සත්හල් සිසුන්ටද ගිහියනට ද උපදෙස් දුන්නේ ය. සතිපතා පාපොච්චාරණය කිරීම, දිනපතා දිවය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම, ආධ්‍යාත්මික කියවීම්, භාවනාව සහ (රාතියේ නිදන්නට පෙර) හර්දය සාක්ෂිය සෝදිසි කිරීම එම නීති පහයි. උදාසන 'යුද්ධයට සුදානම් වීම සඳහා ද , රාත්‍රියේ නින්දට පෙර "ආත්මය පවිත්‍ර කර ගැනීම" සඳහා ද හර්දය සාක්ෂිය සෝදිසිය යහපත් බව එතුමා කීවේය. එතුමා ගේ ආදර්ශ පාඨය "යාච්ඥාකරන්න, බලාපොරොත්තු වන්න, කනස්සලු නොවන්න" යන්නයි. රෝග පීඩාදියෙන් මහත් දුක් විඳිමින් සිටි එතුමා ඒවා නොතකා දිනපතා දිව්‍ය පූජාව ඔප්පු කරමින් ද සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කරමින් ද කැපවී සේවාවක් කළේය. ස්වර්ගස්ථ වීමට පෙර දින ද 50 දෙනකු ගේ සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කල එතුමා තමාට ද එම සක්‍රමේන්තුව දානය කරන්නැයි තාපසාරාමයේ නායක පියතුමන්ගෙන් ඉලා සිටියේ ය. 1999 දී භාග්‍යවරයට ඔසවන ලද එතුමා 2002 දී ශු. දෙවැනි ජුවාම් පාවුල් පාප් වහන්සේ විසින් සාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

දැනට නිකුත් කර ඇති කාලසටහනට අනුව, සන් ගියෝවන්නි රොටොන්ඩෝ  සිද්ධස්ථානයේ තැන්පත් කර ඇති ශු.පියෝ පිය දේහය, පෙබරවාරි 3 ව දා රෝමයේ සාන්ත ලෝරන්ස් බැසිලිකාවට වැඩම කරනු ලැබේ.දින දෙකක් එහි තැන්පත් කර තැබෙන ශුද්ධ ධාතු, පෙබරවාරි 5 වැනිදා පෙරහරින් සාන්ත පීතර බැසිලිකාවට වැඩම කරවීමට නියමිතයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය