"සිහින දැකීම නවත්වන්න එපා" පාප් වහන්සේ රැඳවියන්ගේ දරුවන් දිරිගන්වති

Holy Father to the children of inmates: "Don't stop dreaming"


(2015 ජුනි 2)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝගී හා ආබාධිත දරුවන් කණ්ඩායමක් හමු වූ බව මීට කලින් පුවතක පැවසුවෙමු.

ඊට පසු දා, එනම් මැයි 30 වන සෙනසුරාදා  උන්වහන්සේ තවත් විශේෂිත "පුංචි කැකුළු මල්" උයනක හෝරා කිහිපයක් ගත කළහ. එදා උදාසන උන්වහන්සේ ගතකලේ ඉතාලියේ බන්ධනාගාර කිහිපයක රැඳවියන් ගේ දරුවන් සමග ය.  මේ ළමයින් අතරින් සමහරෙකු උපත ලබා තිබුණේ සිරගෙදරය. සෙසු ළමයින් ගේ දෙමාපියන්ගෙන් එක අයකුවත් බන්ධනාගාරවල දඬුවම් විඳිති.

මෙම ළමා කණ්ඩායමට සංස්කෘතිය පිලිබඳ පාප්වහන්සේ ගේ කවුන්සිලය විසින් සොඳුරු දුම්රිය චාරිකාවක් සුදානම් කර තිබිණි.

 ළමා කණ්ඩායමේ  එදින ක්‍රියාකාරකම් වලත් ඔවුන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සමග කළ සුහද කතා බහේත් තේමාව වී තිබුනේ "පියෑඹීම හා සිහින දැකීම" යන්නයි.ඔවුන් පාප්වහන්සේ සමග දවස ආරම්භ කළේ වතිකාන ශ්‍රවනාගාරයට යාබද (මෝටර රථ ඉවත් කර තිබූ ) රථ ගාලේ සරුංගල් යවමිනි.

සමහර දරුවන් දකුණු දිග ඉතාලියේ බැරී වැනි ප්‍රදේශ වල සිට දුම්රියට නැගීම සඳහා උදේ රැයින් අවදි වී තිබිණි. සියලු දරුවන් තමා සමීපයට කැඳවා ගත් පාප් වහන්සේ , එතැන තිබූ බුමුතුරුනේ දිගාවී සුව නින්දක් ගන්නැයි වෙහෙසට පත්ව සිටි දරුවනට පැවසූහ.

සිහින දකින්නට නොහැකි අය කෙබඳු දැයි පාප් වහන්සේ දරුවන්ගෙන් විමසූහ. "ඒ අය තුළ සතුටක් නැහැ. ඒ අයගේ හදවත් ගල් වගේ" යැයි උන්වහන්සේ පැවසුහ.

"අපි ජේසුගේ වචනවලට සවන් දෙන්නේ නැති වුනාමත් අපේ හදවත් ගල් වගේ තද වෙනවා" එක් කුඩා දැරියක් පාප්වහන්සේ ගේ අවධානය තමා වෙත යොමුකර ගනිමින් පැවසුවාය.

"සිහින දැකීම නවත්වන්න එපා." පාප් වහන්සේ ඔවුනට පැවසුහ. "ඒ වගේම මේ දුව කීවා වගේ, ජේසු ගේ වචනවලට සවන්දීම නවත්වන්නත් එපා. මන්ද දේව වචනය කෙනෙකුව ශ්‍රෙෂ්ඨ  පුද්ගලයෙක් කරනවා. උන්වහන්සේ ගේ වචනය සෑම කෙනෙකුටම ආදරය කරන්නට පුළුවන් වෙන ආකාරයට ඔබට විශාල හදවතක් දෙනවා."

(මේ අවස්ථාවේ තවත් ඡායාරුප Pope's Visit Sri Lanka මුහුණු පොත් පිටුවෙන්)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය