පාප් වහන්සේට ඩ්‍රෝන් තිළිණයක්

Holy Father’s newest gift: A drone

පාප්වහන්සේට දුන් ඩ්‍රෝන තිළිණය සහ එය පිරිනැමූ පාසල් දරුවන් කීප දෙනෙක්:Credit: CNA


(2015 මැයි 3)
සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේට ලැබුණු අලුත් ම තිළිණය  ටිකක්  ආන්දෝලනාත්මක එකකි. එහෙත් ඒ තෑග්ග  උන්වහන්සේට පිරිනැමූ පිරිසත්  ඔවුන් ගේ අරමුණත් උදාර නිසා එය අහිංසක හා උදාර තිළිණයක් බවට පත් වී තිබෙනවා.

මේ තිළිණය, වතිකාන තේමාව සහිත ඩ්‍රෝන් යන්ත්‍රයක්.

තිළිණය පිරිනැමූයේ ඉතාලි කිතුනු දිවි සමාජයේ සහ ඉතාලි ධර්මදුත ශිෂ්‍ය පෙරමුණේ පාසල් දරුවන් කණ්ඩායමක්.

ඩ්‍රෝන්  යන්ත්‍රයෙන්  නිරූපනය වන්නේ "මිනිසාගේ සේවාව සඳහා තාක්ෂණයේ ඇති වටිනාකම" යැයි සිසුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනා. මිනිසාට සමීප වීමට දුෂ්කර තැන්වල තොරතුරු සෙවීමෙහි ලා ඩ්‍රෝන බෙහෙවින් උපකාර වෙනවා. නේපාලයේ බිහිසුණු භුමි කම්පාවෙන් පසුව ගොඩනැගිලි වල තත්වය පිරික්සීම සඳහා ඩ්‍රෝන යොදා ගැනෙනවා. ලඟා විය නොහැකි ග්‍රාමීය ප්‍රදේශ වල ජනයාට විවිධ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාමට ද ඒවා භාවිත කෙරෙනවා.

ඩ්‍රෝනය මෑතක දී පාප් වහන්සේ ලැබූ තිලින වලින් එකක් පමණයි. අපුර්ව ත්‍යාග කිහිපයක්ම පසුගිය දිනවල විවිධ අය එතුමාට පිරිනැමුවා.  නාපොලි පිට්සේරියා ආපාන ශාලාව මාර්තු මාසයේ  ප්‍රැන්සිස් පාප්වහන්සේට උන්වහන්සේ ගේම  තේරීමක් වූ පිට්සා එකක් තෑගී කළා. "පාප්වහන්සේ වුනාට පස්සේ,  කවුරුත් මාව හඳුනා ගන්නේ නැතිව ආපාන ශාලාවකට ගිහින් පිට්සා එකක් රසවිඳ එන්න මට නිදහස නැති වෙලා තිබෙනවා" යි මෙක්සිකෝ TV චැනලයක් සමග පැවැති සම්මුඛ සාකච්චා
වකදී පාප්වහන්සේ විහිලුවෙන් කල සඳහනට ප්‍රතිචාරයක් වශයෙනුයි, ඔවුන් මෙම ත්‍යාගය ලබා දුන්නේ. ෆියට් මෝටර් රථයක්, පැනමා තොප්පියක්, බයිසිකල් කිහිපයක් සහ එස්ප්‍රෙසෝ මැෂිමක් ද උන්වහන්සේට ලැබුණු තිලින අතර තිබුනා.

පාප්වහන්සේ ඉකුත් නොවැම්බර් මාසයේ තමාට ලැබුණු මෙවැනි තිලින රැසක් වෙන්දේසියේ අලෙවි කර එයින් එකතු වූ මුදල දුප්පතුන්ට ආධාර කිරීම සඳහා  උන්වහන්සේ ගේ දාන කාර්යාලයට භාර දුන්නා.

ඔබට අවස්ථාවක් ලැබුනොත් පාප්වහන්සේට ඔබ දෙන තිළිණය කුමක් ද?

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය