ජේසු සමිඳුන් තුළ සිටීමට නම්, උන්වහන්සේ කළ දේ කරන්න."

“How do you remain in Jesus? Do as he did.”


(2015 මැයි 4)

"යහපත් කිතුනුවකු වීමට නම්, ජීවිතය දානය කරන ජේසු සමිඳුනට සම්බන්ධ විය යුතුයි. ජේසු සමිඳුන් තුළ විසීම අතිශයින් අමාරුම කාර්යයි. ජේසු සමිඳුන් තුළ ජීවත්වීම යනු, ජේසු සමිඳුන් ගේ ආකල්ප වලින් කටයුතු කිරීමයි. උන්වහන්සේ කළ දේ කිරීමයි"

මේ, සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉරිදා (මැයි  3 දා) දකුණු දිග රෝමයේ මීසමක ජනතාවට දුන් පණිවිඩයයි.

රෝමයේ රදගුරුතුමන් වන පාප්වහන්සේ එම පදවියේ දකුණු දිග ඔස්තියෝ ලිදෝ මීසම බැහැදකින්නට ඉරිදා ගියහ. එහි සමාදානයේ රාජේශ්වරී දෙව්මැදුරේ දී එතුමා මීසම් වාසීන් මුනගැසී කතා බස් කළේය. උන්වහන්සේ හමු වූ මීසම්  වාසීන් අතර, තරුණයන්, රෝගීන්, අබාධ සහිත වූවන්, ළමයින් සහ වියපත් අය  ද වූහ.

සාකච්ඡා වලින් පසු මඳ  වෙලාවක් සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කළ පාප්වහන්සේ, ඉන්පසු දිව්‍ය පුජාව ඔප්පු කළහ. එතුමන් ගේ දේශනාවට තේමාව වී තිබුනේ එදින සුබ අස්න ලෙස යෙදී තිබු "මම වෙමි මිදිවැල; ඔබ එහි අතු වෙති." (ජොහාන් 15:1-8) යන පණිවිඩයයි.

"මිදි වැලේ උපමාවෙන් ජේසු සමිඳුන් ලබා දෙන පණිවිඩය 'මා තුළ සිටින්න' යන්නයි.  'මා තුල සිටින්න.' මෙය උන්වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ දීත් යලි යලිත් ශ්‍රාවකයින්ට දුන් උපදේශයයි" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ සුබ අස්න විග්‍රහ කරමින් පැවසුහ.

"කිතුනු ජීවිතය යනු ජේසු සමිඳුන් තුළ ජීවත් වීමයි. ජේසු සමිඳුන්ට සම්බන්ධ වී ජීවත් වීම: මෙයයි කිතුනු ජීවිතය. ජේසු සමිඳුන් තමන්ට අවශ්‍ය මේ පණිවිඩය වඩා පැහැදිලිව විස්තර කිරීමට, මිදිවැලේ අර්ථවත් චිත්ත රූපය යොදා ගත්තා. මිදිවැලෙන් වෙන් ව සිටින අතු හෝ ඊට සම්බන්ධ වී නොමැති අතුවලට ඵල දැරිය නොහැකියි. ඒවා එකතු කොට ගින්නට දමනු ලබනව. අප ජේසු සමිඳුන් තුළ නොසිටින්නේ නම් හෝ අප උන්වහන්සේගෙන් වෙන්ව ජීවත් වන්නේ නම්, අප කිතුනුවන් වන්නේ වචනයෙන් පමණයි. අප ජීවිතයෙන් කිතුනුවන් නොවේ. මන්ද, අප හරියට මිදී වැලට යාවී නොමැති අතු සේ ඵල නොදරන නිසා."

සුබ අස්නේ තවත්  තැනෙක එන වෙනත් "අතු" වර්ගයක් ගැන ද පාප් වහන්සේ සිහිපත් කළහ. ජේසු සමිඳුන් ගේ අනුගාමිකයන් ලෙස ප්‍රදර්ශනය කරන්නට උත්සහ කරන මොවුන් ජීවත්වන්නේ ඊට ඉඳුරාම පටහැනි ආකාරයට බව එතුමා පෙන්වා දුන්නේය. මෙවැනි ජීවිත ගත කරන්නන් "කුහකයින් හා කෛරාටිකයන්' යයි එතුමා සඳහන් කළේය. "ඔවුන් දිව්‍ය  පුජාවට පැමිණියත් ජීවත් වන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙසයි. මන්ද ජේසු සමිඳුන් සමග සිටීම යනු උන්වහන්සේගෙන් පෑහීම සහ පව් සමාව ලබා ගැනීමට කැමැත්තෙන් සිටීමයි."

"ජේසු සමිඳුන් හා සම්බන්ධව සිටීමට හොඳම  මග, නිති  පතා සක්‍රමේන්තු ලබා ගැනීමයි." යයි පැවසු පාප්වහන්සේ , දිව්‍ය  සත්ප්‍රසාදය මගින් අප තුළට පැමිණීමට ද පාපොච්චාරණය මගින් අපට පව් සමාව දීමට ද ජේසු සමිඳුන් කැමැත්තෙන් සිටින බව පෙන්වා දුන්හ.



 එසේම,  උන්වහන්සේ තුළ සිටීමට නම්, අප උන්වහන්සේ මෙන් ජීවත් විය යුතු බව ද එතුමා අවධාරණය කලේය. "අප ඕපාදුප කතා කරන විට, අප උන්වහන්සේ තුළ සිටින්නේ නැහැ. උන්වහන්සේ එය කිසිදාක කලේ නැහැ.  අප බොරු කාරයන් වන විට අප උන්වහන්සේ සමග සම්බන්ධ නැහැ. උන්වහන්සේ කවදාවත් එය කලේ නැහැ. අප සෙසු අයව  අපගේ සමාජයෙන් පන්නා දමන විට, අප උන්වහන්සේ තුළ නැහැ. උන්වහන්සේ කිසිදාක එය කලේ නැහැ. අප සෙසු  අයව රවටන විට, අප මිය ගොසින්. මන්ද ජේසු සමිඳුන් ගේ ජීවය අප තුළ  නැහැ." යයි පාප් වහන්සේ විස්තර කළහ.

" ඒ වෙනුවට, ජේසු සමිඳුන් තුළ සිටීම යනු, උන්වහන්සේ කටයුතු කල ආකාරයටම කටයුතු කිරීමයි. යහපත් දේ කිරීම, අසල්වැසියාට උදව් කිරීම, ඔවුන් වෙනුවෙන් පියාණන්ට යාච්ඥා කිරීම, රෝගීන් රැක බලා ගැනීම, දුප්පතුනට උපකාර කිරීම සහ ශුද්ධාත්මයානන් ගේ ආනන්දය ඇතිව ජීවත්වීම ඊට උදාහරණයි" යි පාප් වහන්සේ සඳහන් කළහ.

"ඊට ප්‍රතිචාර ලෙස, අප ඉල්ලා යදින ඕනෑම දෙයක් ලබා දෙන බවට ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයනට පොරොන්දු වෙනව. 'ඔබ මා තුළ සිටින්නෝ නම්, මාගේ වචන ඔබ තුළ පවතියි නම්, ඔබ කැමති දෙයක් ඉල්ලන්න. එය ඔබට දෙනු ලැබේ' ය කියා උන්වහන්සේ කියනවා. කෙතරම් ප්‍රබල යැදුමක් ද? යැදුමට මෙම බලය පැමිණෙන්නේ, අතුවලට මිදී වැල සේ, අප ජේසු සමිඳුන් තුළ සිටීමෙනි; උන්වහන්සේ සමග යා වී සිටීමෙනි."

(CNA)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය