ජනතාව වෙනුවෙන් පුජාවීම: මහසිකුරාදා කේන්ද්‍රීය පණිවිඩය


(2015 අප්‍රේල් 1)
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ දුක් විඳීම සහ මරණය මගින් අපට කෙරෙන කැඳවීම කුමක් ද? අපට එල්ල කෙරෙන අභියෝගය කුමක් ද? කිතු සමිඳුන් සමග උන්වහන්සේගේ ජනතාව වෙනුවෙන් පූජා වන අපේ යුගයේ ප්‍රාණපරිත්‍යාගී වරුන් ගේ ජීවිත සාක්ෂිය කුමක් ද? ඔවුන් අපට දෙන පණිවිඩය කුමක් ද?



සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අප්‍රේල් 1 වන බදාදා සිය පොදු හමුවෙන් ජනතාවට ආරාධනා කරන්නේ මේ කරුණු ගැන භාවනා කිරීමටයි. එතුමන් බදා සිය දේශනය  වෙන් කලේ ශුද්ධවූ සතියේ පරිසමාප්තිය වන ශුද්ධවූ දින තුන ගැන භාවනා කිරීමටයි. මහ බ්‍රහස්පතින්දා, මහ  සිකුරාදා සහ පාස්කු ඉරිදා ත්‍රිත්ව පරිශුද්ධ දිනවල ගාම්බීරව සහිපත් කෙරෙන ක්‍රිස්තු සමිඳුන් ගේ දුක්ගාවිනා සහ මරණය  ජනතාව ගේ ගැලවීම වෙනුවෙන් උන්වහන්සේගේ ප්‍රේමයේ පුජාවක් බවයි පාප්වහන්සේ පෙන්වා දුන්නේ.  උන්වහන්සේ ගේ  මෙම පුජාවීම අප සෑම කෙනකුටම එල්ල කෙරෙන අභියෝයක් හා කැඳවීමක් බව ද පාප්වහන්සේ පැවසුහ. අපගේ සහෝදරයන් සහෝදරියන්  වෙනුවෙන් පුජා වන ලෙස ක්‍රිස්තුන් වහන්සේ අප කැඳවමින්   අපට අභියෝග කරන බව පෙන්වා දුන් උන්වහන්ස් මෑත කාලයේදී ජනතාව වෙනුවෙන් පුජා වූ නුතන ප්‍රාණපරිත්‍යාගී  වරුන් නමින් සඳහන් කරමින් ඔවුන් ගේ ජීවිතය ආදර්ශ කොට ගන්න මෙන් ඉල්ලා සිටියහ.

"මහා බ්‍රහස්පතින්දා සහ මහා සිකුරාදා අපි ජේසු සමිඳුන් ගේ ශ්‍රී මරණයේ අභිරහස මෙනෙහි කරමු; එසේම සිරි කුරුසියට නමස්කාර කරමු" යි උන්වහන්සේ භාවනාව අරඹමින් සඳහන් කළහ.
"සිය ජීවිතයේ අවසන් විනාඩි කිහිපයේදී, සිය ආත්මය පියානන්වහන්සේට භාර දීමට පෙර 'සියල්ල අවසාන'යයි ක්‍රිස්තුන් වහන්සේ කීවා. සියල්ල අවසානයි. ජේසු සමිඳුන් මෙසේ කීවේ කවර අර්ථයකින් ද?  එහි තේරුම ගැලවීමේ කර්තව්‍යය සම්පුර්ණ කල බවයි; ශුද්ධ ලියවිල්ල ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමය තුළ පරිපුර්ණත්වයට පත්ව ඇති බවයි; මරණ ලද බැටළු පොව්වා වන ජේසු සමිඳුන්, සිය පුජා වීම මගින් බරපතල අපරාධ ශ්‍රේෂ්ඨතම  ප්‍රේමයට හරවා  ඇති බවයැ" යි  පාස්කු අබිරහස විග්‍ර කරමින් පාප් වහන්සේ කියා සිටියහ.
ක්‍රිස්තු අබිරහසට යුගයෙන් යුගය සාක්ෂි දැරූ මිනිසුන් කෙරෙහි උන්වහන්සේ ඊලඟට සිය භාවනාව යොමු කලහ.
"  පරිපුර්ණ,  නොකැළැල් ප්‍රේමයේ ආලෝක කිරණ විහිදමින්  සිය ජීවිත තුළින්   සාක්ෂි දැරූ  මිනිසුන් සහ කාන්තාවන්  යුගයෙන් යුගය ජීවත් වුහ. එලෙස වීරෝදාර ලෙස සාක්ෂි දැරූ අපේ කාලේ මිනිසකු මම සිහිපත් කරන්නට කැමතියි. රෝම පදවියේ පියතුමකු වී තුර්කියේ ධර්මදුත සේවාවට ගිය එතුමා ගේ නම ඩොන් ඇන්ද්රේයා සන්තෝරෝ.  එතුමන් තුර්කියේ ත්‍රබ්සෝන් හි දී ඝාතනය කිරීමට ටික දිනකට පෙර එතුමන් ගේ දිනපොතේ මෙසේ ලියා තිබුනා:' 'මා  මෙහි සිටින්නේ මේ දුප්පත්  ජනතාව සමග වාසය කරන්නටය.එසේ වාසය කිරීම මගින්  මා තුළින් ඔවුන් සමග වාසය කිරීමට ජේසු සමිඳුන්ට අවකාශ සලසීමටයි. කිසියම් කෙනෙකුට ගැලවීම දීමට හැකිවන්නේ තමාගේ මාංශය  පූජා කිරීමෙනි. ජේසු සමිඳුන් කළා සේ ලෝකයේ නපුර දරා ගෙන  වේදනාව බෙදා ගෙන ඒවා අපගේ මාංශයට උරා ගත යුතු ය'
  ජේසු සමිඳුන් අනුගමනය කරමින් අපගේ ජීවිතය ප්‍රේමයේ ත්‍යාගයක් මෙන් අපගේ සහෝදරයන් සහෝදරියන් වෙනුවෙන් පුජා කිරීමසඳහා  අපේ යුගයේ මිනිසකු වන  සන්තෝරෝ පියතුමා ගේ හා වෙනත් බොහෝ දෙනකු ගේ ජීවිතාදර්ශ අපට යශක්තියක්, අනුබලයක් හා රුකුලක් විය යුතුයැ " යි ප්‍රැන්සිස් පාප්වහන්සේ අවධාරණය කළහ.
( 2006 පෙබරවාරි 5 වැනිදා සන්තෝරෝ පියතුමා තමන් ධර්මදුතයකු ලෙස සේවය  දෙව් මැඳුරේ දන ගසා යාච්ඥා කරමින් සිටියදී පසුපසින් පැමිණි කෙනෙක් එතුමන්ට  වෙඩි තබා ඝාතනය කලේය. එතුමන්ගේ සාන්තුවරභාවයේ ක්‍රියාමාර්ගය දැන් ආරම්භ වී තිබේ.

සිය දේශනා පිටපතින් ඉවත් වෙමින් අදහස් දැක්  වූ උන්වහන්සේ : "ජේසු සමිඳුන් සමග විශ්වාසය වෙනුවෙන් සිය ජීවිත පූජා කරන කාන්තාවන් හා මිනිසුන්  -  එනම් සැබෑ ප්‍රාණ පරිත්‍යාගී වරුන් -  බොහෝ දෙනෙක් ඉන්නවා.එය  සේවාවක්. ක්‍රිස්තියානි ජීවිත සාක්ෂියේ සේවයක්. ක්‍රිස්තුන් වහන්සේ අපව මුදා ගන්නා තෙක් කල සේවාව බඳු  සේවාවක්. 'සියල්ල අවසානයි" යන වාක්‍යයේ තේරුම් එයයි. යම් දිනෙක අපේ ජීවිත අවසානයේදී අපටත් අපේ පව් සමග, අපේ අසම්පුර්ණබව සමග, අපේ අත්වැරදීම සමග, ඒ වගේම අපේ යහපත් වැඩ, සෙසු අය වෙත වූ අපේ ප්‍රේමය වැනි යහපත සමග ජේසු සමිඳුන් සේ  'සියල්ල සම්පුර්ණයි' කියා අප සියලු දෙනාටත් දෙවි  පියාණන්ට කිව හැකි නම් , කෙතරම් සුන්දර ද? එහෙත් ජේසු සමිඳුන් සේ පරිපුර්නත්වයෙන් නම් නොවෙයි. හරියට, "ඒත් ස්වාමිනි මට කල හැකිව තිබු  සියල්ල මම කළා. සියල්ල අවසානයි' කියා කිව හැකි නම්...?

පුර්ව  පාස්කු ඉරිදා රාත්‍රිය 

පාස්කු රාත්‍රී ජනවන්දනාවේ දී සමරනු ලබන්නේ විශ්වයේ ද ඉතිහාසයේ ද කේන්ද්‍රයත් අවසානයත් වන උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේව බව පාප්වහන්සේ පැවසුහ..

ජුවාම් පාවුළු සුදොතුම් පිය මතකය

මෙම පොදු හමුවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියාණෝ ශු. මහා ජුවාම් පාවුලු පාප් වහන්සේ ද සිහිපත් කළහ. උන්වහන්සේ සග සැපත් වී අප්‍රේල් 2වන දාට (අදට) දස වසරක් සපිරේ. අප ශු. ජුවාම් පාවුළු පාප්වහන්සේ සමරන්නේ  ජේසු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තියේ සාක්ෂිකරුවකු ලෙස යැයි උන්වහන්සේ කියා සිටියහ. "එතුමන් සිහිපත් කරන අපි  අප වෙනුවෙනුත්, අපගේ පවුල් වෙනුවෙනුත් සභාව වෙනුවෙනුත් ජේසු සමිඳුන් ඉදිරියේ මැදහත් වන ලෙස යාච්ඥා කරමු. උත්ථානයේ ආලෝකය අප ජීවිතවල සෑම අඳුරු මුල්ලකටම වැටී අප ප්‍රීතියෙන් හා සාමයෙන් පුරවන ලෙස අප වෙනුවෙන් යදින්නැයි එතුමන්ගෙන් ඉල්ලා සිටිමු." එහි සිටි යොවුන් පිරිස් සහ විවාහකයන්  ඇමතු ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙසේ සඳහන් කළහ."එතුමන් ගේ සාක්ෂියත් ආදර්ශයත් තවමත් අප අතරේ ජීවමානයි. ඉතින් උන්වහන්සේ ඉගැන්වුවා සේ, යෞවනයිනි, ජීවිතය උද්යෝගයෙන් හා දැඩි ලැදියාවෙන් ගත කිරීමට ඉගෙන ගන්න; රෝගී වූ සහොදරවරුනි, වේදනාවේ කුරුසිය ප්‍රීතියෙන් දරා ගන්න. අලුතින් විවාහ වූ යුවල් වරුනි, සෑමවිටම ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පවුලේ කේන්ද්‍රය කර ගන්න."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය