"ප්‍රැන්සිස් යුගය" කෙටි එකක් වේවි? A short Papacy?

(2015 මාර්තු 13)
සිය පාප්ධුර කාලය ඉතා කෙටි එකක් වනු ඇතැයි  සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ පවසති . එම ධුරයට තේරී පත්වීමේ දෙවැනි සංවත්සරය නිමිත්තෙන් මෙක්සිකෝවේ  රුපවාහිනි නාලිකාවක් කල සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙසේ පැවසුහ. ධුර කාලය පිළිබඳව මාධ්‍යවේදියා ඇසූ  ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙසේ කියා සිටියහ :
" මගේ පාප් ධුර කාලය  ඉතා කෙටි එකක් වනු ඇත කියල මගේ  හිත කියනව. අවුරුදු 4ක් 5ක් විතර! ඇතැම් විට අවුරුදු 2ක් 3 ක් වුනත් විය හැකියි. මම දන්නෙ නැහැ. මට හිතෙන්නේ සමිඳුන් මාව මේ තැන තබා තිබෙන්නෙ ඉතා කෙටි කලකට පමණක් කියලයි. ඊට වැඩියේ නොවෙයි.එත් මෙය සිතිවිල්ලක්. මම නිතරම හැම දේකටම විවෘතව ඉන්නවා."
සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ මෙන් තමා ද විශ්‍රාම ගැනීම ගැන සලකා බැලීමට ඉඩ ඇතැයි දකුණු කොරියාවේ සිට එන අතර ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසා තිබිණ . මේ සම්බන්ධයෙන් ද රුපවාහිනි මාධ්‍යකරුවා පාප්වහන්සේ ගෙන් වීමසීය."එත් පාප්ධුරයෙන් එහෙම විශ්‍රාම ගන්න බැහැ  නේද? එම ධුරය අතීතයේ සිට සැලකුනේ ශුද්ධාත්මයාණන් විසින් පත්කෙරෙන මරණයෙන් පමණක් කෙලවරවෙන ආයතනයක් ලෙස නේද?" ඔහු ප්‍රශ්න කළේය.
"මේ පිළිබඳව පාප්වරණ දැහැනට පෙර ගැඹුරු දෙවධාර්මික සංවාද විවාද ඇතිවුනා. මම හිතන්නේ බෙනඩික් පාප්වහන්සේ කලේ දොරටුවක් විවෘත කිරීමයි. 60 වසරකට පෙර විශ්‍රාමලත් රදගුරුතුමන්ලා හිටියේ නැහැ. දැන් ලෝකය පුරා ඒ අය 1400 ක් ඉන්නව .මම හිතනවා බෙනඩික් පාප්වහන්සේ ඉතා එඩිතරව කලේ විශ්‍රාමලත් පාප්වහන්සේ ලාට දොරටුවක් විවෘත කිරීමයි කියල. බෙනඩික් පාප් වහන්සේ සැලකිය යුත්තේ විශේෂ අවස්ථාවක් ලෙස නොවෙයි. තනතුරක් හැටියටයි.ඇතැම් විට බොහෝ කාලයකට එම තනතුර දැරූ එකම තැනැත්තා බවට එතුමන් පත්වේවි. තවත් සමහරවිට එතුමා එකම එක තැනැත්තා නොවීමටත් පුළුවන්.කෙසේ නමුත් තනතුරකට දොරටුවක් විවෘත වී තිබෙනවා. ඉදිරියේදී විශ්‍රාමලත් පාප්වහන්සේ යන්න කලාතුරකින් සිදුවන්නක් නොවේවි."
කෙසේ නමුත් පාප්වහන්සේ කෙනකු වයස අවුරුදු 80 කින් විශ්‍රාම ගත යුතු බවට නීති පැනවීමට තමන් කැමැති නැති බව ද ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ. පාප්ධුරය අවසන් අවස්තාවක් වන අතර විශේෂ දේව වරප්‍රසාදයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ඊට වඩා බෙනඩික් පාප්වහන්සේ ගේ පුර්වාදර්ශයට තමන් කැමැති බව පාප්වහන්සේ සඳහන් කළහ. තවමත් කාදිනල් හිමිවරුන් ඇතුළු සියල්ලන්ගේ බුහුමන් ලබන උන්වහන්සේ සැබෑ දේව සේවකයකු යයි ප්‍රැන්සිස් පාප්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.



Pope Francis has hinted that his Papacy may be a very short one. He expressed these sentiments in an interview with a Mexican TV channel, held in view of the 2nd anniversary of his election.
"I have the feeling that my Pontificate will be brief: 4 or 5 years; I do not know, even 2 or 3. Two have already passed. It is a somewhat vague sensation.” He said. “But I feel that the Lord has placed me here for a short time, and nothing more ... But it is a feeling. I always leave the possibility (to programs) open " the Pope added.
Asked if thee example of Pope Benedict has  changed 'the idea of ​​the papacy,  where pope was an institution created by the Holy Spirit ending in death  Francis replied that this was broadly discussed in the pre conclave sessions.
- " I think that what Pope Benedict did has been to open a door” He continued. “ 60 years ago there were no emeritus bishops. And now we have 1400. They came to the idea that a man after 75, or close to that age, cannot carry the weight of a particular church. In general I think what Benedict so courageously did was to open the door to the Popes emeritus. Benedict should not be considered an exception, but an institution. Maybe he will be the only one for a long time, maybe he will not be the only one. But an institutional door has been opened. Today the Pope Emeritus is no longer a rarity since a door for him to exist as a figure has been opened".
Pope Francis also rejected the ideas of declaring a definite retiring age for Popes.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය