ප්‍රැන්සිස් විප්ලවය
ප්‍රැන්සිස් සසුන් පිය දෙවසර පූර්ණය මේ 13 වන දා
The Francis revolution
(2015 මාර්තු 9)

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මුල් පියවරම ලෝකයේ අවධානය උන්වහන්සේ වෙත පමණක් නොව මුළු කතෝලික සභාව වෙතම යොමු කරන්නට සමත්ව ඇත. සිල්ක් සහ ලොම් වලින් සාදන ලද රත් පැහැ රාජකීය සළු ප්‍රතික්ෂේප කොට සුදු ලෝගුවකට සීමා වීම, තමන් ජනතාව ආශීර්වාද කිරීමට පෙර එසේ ආශීර්වාද කිරීමට තමා ආසිරි ගන්වන්නැයි දෙවිඳුනට යදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම, පාප්වහන්සේලා ගේ සාම්ප්‍රදායික මාලිගය වෙනුවට අමුත්තන්ගේ නවාතන්පොලක කාමරයක් සිය ගෙදර කර ගැනීම ඒ අතර මුල් වෙනස්කම් කිහිපයකි.
මෙම ක්‍රියාකාරකම් වලින් අවධාරණය වුයේ ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් ධර්මය දේශනා කිරීමේ දී වචන වලට වඩා ක්‍රියාව හෙවත් ජීවිතය කෙරෙහි විශ්වාස කරන බවය. අසීසියේ සාන්ත ප්‍රැන්සිස් මුනිඳුන් වරක් මෙසේ පැවසීය:"සෑම විටම සුබ අස්න දේශනා කරන්න. අවශ්‍ය විට පමණක් වචන භාවිත කරන්න."
ප්‍රැන්සිස් සසුන් පියාණන් ගේ මෙම මුල් ක්‍රියාමාර්ග සභාව තුළ මුල් බැසගත් "පූජකවාදයට" එල්ල වූ ඍජු ප්‍රහාරයක් විය. මන්ද යහපත් රදගුරුතුමකු, යහපත් පූජාප්‍රසාදිවරයකු සහ යහපත් කිතුනුවකු යනු කව්දැයි සිය ජීවිතයෙන් උන්වහන්සේ ජීවත් කරවන නිසාය.
පූජකවාදයට උන්වහන්සේ පහර දෙන්නේ සභාවේ සංස්කෘතිය වෙනස් කිරීමේ උත්සාහයක් වශයෙනි. උන්වහන්සේ ගේ මෙම උත්සාහය ආකල්ප සහ ජීවිත රටාව වෙනස් කිරීමට කෙරෙන කැඳවීමකි.
(National Catholic Reporter පුවත් පතට ලියුම් කරු තෝමස් රීස් ලීයූ ලිපියකින්)
(National Catholic Reporter පුවත් පතට ලියුම් කරු තෝමස් රීස් ලීයූ ලිපියකින්)
Comments
Post a Comment