ගුරුවරුනට ඉහල වැටුපක් ගෙවනු! - ප්‍රැන්සිස් පාප්වහන්සේ ගෙන් පාලකයන්ට අවවාද - ගුරුවරුන්ට උපදෙස්

“Pay the teachers well” Pope Francis emphasizes
“Teaching needs maturity and commitment” he warns

 (2015 මාර්තු 14)
ගුරු වෘත්තීය සුන්දර වෘත්තියක් බව ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. එහෙත් ඔවුනට ගෙවන්නේ කනගාටුදායක වැටුපක් යයි උන්වහන්සේ පෙන්වා දෙති. ඉතාලියේ ගුරු වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් ගිය සතියේ උන්වහන්සේ හමු වූ අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියහ.
"මම ඔබ හමුවන්නේ මිතුරෙක් වගෙයි. මන්ද මාත් කලක් ඔබ මෙන් ම ගුරුවරයකුව සිටියා. පන්ති කාමරවල ගතකල සමය මට මතක් වෙනවා" යි කියමින් පාප්වහන්සේ සිය දෙසුම ආරම්භ  කළහ. 
"ගුරු වෘත්තීය අඩු වැටුපක් ගෙවන සොඳුරු වෘත්තියක්. සැලකිල්ලට ගත යුත්තේ ගුරුවරුන් පාසලේ ගත කරන කාලය පමණක් නොවේ. ඔවුන් පාඩම් වලට සුදානම් වීමට ගතකරන කාලය, පෞද්ගලිකව එක්  එක්  ශිෂ්‍යයකු-ශිෂ්‍යාවක සමග ගත කරන කාලය ආදියත් සැලකිල්ලට ගත යුතුයි. මගේ රටේ ගුරුවරුන් තමන්ට ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන නිසා ජීවත් වීම සඳහා දෙවරුවක් වැඩ කරනවා. එහෙත් වරු දෙකක් වැඩ කිරීමෙන් පසු ගුරුවරයකු ගේ තත්වය කුමක් දැ? " යි ප්‍රැන්සිස් පාප් වහන්සේ විමසුහ. 


ගුරු වෘත්තියේ ආධ්‍යාත්මිකත්වය.  
"ගුරු වෘත්තීය පත පොත ඉගැන්වීමෙන් ඔබ්බට යන සොඳුරු වෘත්තියක්. මන්ද එය අපගේ රැකවරණයට භාර දී තිබෙන දරුවන් ගේ  වර්ධනය දිනෙන් දින දකින  ජීවිතයක් නිසයි. එය එක්තරා අන්දමකට ආධ්‍යාත්මිකව  දෙමාපියන් වීම වගෙයි" යයි ගුරු වෘත්තියේ ආධ්‍යාත්මිකත්වය පහදමින් ගුරුවරුනට උපදෙස් දෙමින් පාප් වහන්සේ කියා සිටියහ.  

ගුරුවරයාගේ අසල්වැසියා 
"ඉගැන්වීම යනු මුහුකුරා ගිය සමබර පුද්ගලයන් විසින් පමණක් භාර ගතයුතු බරපතල වගකීමක් මෙන් ම කැපවීමකි.ජේසු සමිඳුන් අපට ඉගැන්වූ ආකාරයට මෝසස් ගේ නීතිය හා දිවැසිවරුන් ගේ ඉගැන්වීම් කොටස් දෙකකට බෙදිය හැකියි: එනම් ඔබගේ දෙවි ස්වාමීන්වහන්සේට ද ඔබගේ අසල්වසියාටද ප්‍රේම කරන්න යන්නයි . ගුරුවරයාගේ  අසල්වැසියා කවුද? ශිෂ්‍යයන්. සිසු සිසුවියන් සමගයි ගුරුවරයා ජීවිතය ගත කරන්නෙ. සිසුන් මග පෙන්වීම, උපදෙස් සහ පිළිතුරු බලාපොරොත්තු වෙන්නෙ ඔවුන්ගෙනුයි."

තවදුරටත් කතා කල පාප් වහන්සේ මෙසේ ද ගුරුවරුනට උපදෙස් දුන්හ:
"ඔබ ඉගැන්විය යුත්තේ පොත පතේ කරුණු පමණක් නොවේ. පරිගනකයකටත් උගන්වන්න පුළුවන්. ඔබ වටිනාකම්, සාරධර්ම සහ ජීවිතයේ සිරිත් විරිත් ඉගැන්විය යුතුයි. ඊටත් වඩා ඔබ දරුවන්ට ඉගැන්විය යුතු  ගුණාංග කීපයක් තිබෙනවා. එනම් ආදරය කන්නේ කෙසේද, සමාජයේ සාමය හා සංහිඳියාව ඇති කල හැක්කේ කවර සාරධර්ම මගින් ද යන්නයි" යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ.
අවම වශයෙන් අප රටේ කතෝලික ගුරුවරුන් හා කතෝලික පාසල්වල සේවය කරන ගුරුවරුන් තුළ හෝ මේ ගුණධර්ම ඇතිකළ හැකි ද?

Pope Francis has denounced poor wages for teachers, saying computers can teach content but it takes a good teacher to instill values and hope in young people today and create harmony in society.

Receiving the Unione Cattolica Italiana Insegnati, Dirigenti, Educatori, Formatori (UCIIM) on their 70th anniversary, the Pope addressed them as colleagues, saying he had fond memories of his own days in the classroom, when he too was a teacher.
He then said: “teaching is a beautiful profession, … it’s a pity teachers are badly paid…because it is not just about the time they spend in school, but the time they spend in preparation, the time they spend on each individual student”. The Pope referred to his own country, where many teachers have to work double shifts “just to be able to earn a decent wage”.

He continued: “Teaching is a beautiful profession, … it’s a pity teachers are badly paid…because it is not just about the time they spend in school, but the time they spend in preparation, the time they spend on each individual student.”
“It is a beautiful and badly paid job,” Holy Father said “because it allows us to see the people who are entrusted to our care grow day after day. It is a little like being parents, at least spiritually. It is a great responsibility!

“Teaching is a serious commitment that only a mature and balanced personality can take on. Such a commitment can be intimidating, but remember that no teacher is ever alone: ​​They always share their work with other colleagues and the entire educational community to which they belong.
Can we inculcate these attitudes at least in the hearts of Catholic teachers in Sri Lanka and the teachers teaching in Catholic schools?

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය