The Supreme court ruling and the future of religious freedom in USA (2015 ජූලි 1)) විවාහයේ නිර්වචනය ගැන ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රෙෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දුන් තීන්දුව එරට කතෝලික සභාවටත්, කතෝලිකයනට හා සාම්ප්‍රදායික විවාහය පිළිගන්නා සියල්ලන්ටත් බාධක රැසක් මතු කරනු ඇතැයි එරට රදගුරු සමුළුව පවසයි. විශේෂයෙන් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පිළිගෙන ඇති ආගමික හා හර්දය සාක්ෂියේ නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම තීන්දුව ගැටළු මතු කරනු ඇතැයි එම සමුළුව කියයි එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්ත රාජ්‍ය සම ලිංගික යුවල් වලට විවාහ බලපත්‍ර නිකුත් කල යුතු බව විනිසුරු වරුන් 5න් 4ක තීන්දුවක් දෙමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. සියලු ප්‍රාන්තවල සිදුවන සම ලිංගික විවාහ පිළිගත යුතු බව ද අධිකරණය කියා සිටියේ ය. අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුවයි. මෙම තීන්දුව අනුව සමලිංගික යුවලක් විවාහ වීමට ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරියකුට හෝ නිලධාරියකුට නොහැකි ය.සමලිංගික විවාහ සභා නීතියට පටහැනි බැවින් කතෝලික පුජකතුමකුට ඊට එකඟ විය නොහැකිවේ. ම
Comments
Post a Comment