අයුක්තියට ජනමර්ධනයට විරුද්ධ කිතු සමිඳුන්ගේ හඬ - රොමෙරෝ: මැයි 23 දා භාග්‍යවරයට

Archbishop Romero to be beatified on May 23 in his home country

(2015 මාර්තු 11)
ජනපීඩක රෙජීමයක කුළී තුවක්කු කරුවකු ගේ වෙඩි පහරකින් සග සැපත් වූ එල් සැල්වදෝරයේ සන් සැල්වදෝර්  අගරදගුරු ඔස්කා රොමෙරෝ හිමිපාණන් භාග්‍යවරයට එසවීම මැයි  මස 23 දා සිදු කෙරේ . මේ බව සන් සැල්වදෝර් නුවර දී අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉතාලි ජාතික අගරදගුරු වින්සෙන්සෝ පැගිලියා හිමිපාණන් විසිනි.

භාග්‍යවරයට එසැවීමේ ප්‍රධාන දිව්‍ය පුජාව පැවැත්වෙන්නේ එල් සැල්වදෝරයේ දී ම  ය. පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වන වතිකානයේ සාන්තුවරුන් පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී කාදිනල් ඇන්ජෙලෝ අමාතෝ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පුදබිම් පිටියක   එය පැවැත්වීමට නියමිතයි.
පැගීලියා අගරදගුරු හිමියන්  කියා සිටියේ මෙය එල් සැල්වදෝරයට මෙන් ම ලෝකයටම ලැබුණු වටිනා ත්‍යාගයක් බවයි.


1980 මාර්තු 24 දා හිමිදිරියේ කන්‍යාරාමයක දිව්‍ය පුජාව ඔප්පු කරමින් සිටිය දී රොමෙරෝ හිමියන් ඝාතනය කරනු ලැබිණ.
එතුමන් සාන්තුවරයට එසවීමේ ක්‍රියා පිළිවෙත ආරම්භ වුයේ 1993 දී ය. එහිදී දේවධර්ම ශාස්ත්‍රවේදීහු එල් සැල්වදෝරයේ විවිධ ස්ථාන පීරමින් රොමෙරෝ හිමියන් ගේ ජීවිතය පිළිබඳව ද උන්වහන්සේ ලියූ ලිපි හා කළ දේශනා පිලිබඳ තොරතුරු ද සෙවූහ. වසර 2007 මැයි මාසයේ සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ  කියා සිටියේ රොමෙරෝ හිමිපාණන් "ඇත්තෙන්ම විශ්වාසයේ විශිෂ්ට සාක්ෂිකරුවකු " බවයි.
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ  එම ධුරයට පත් වීමෙන් පසු සාන්තුවර ක්‍රියා පිළිවෙත කඩිනම් කෙරිණ . මේ අනුව එතුමන් කතෝලික විශ්වාස ධර්මයට අනුව භාග්‍යවරයකු ලෙස පිළිගත හැකි යැයි ඒ පිලිබඳ විමර්ශනය කළ  දේවධර්ම විශාරද කණ්ඩායම ඉකුත් පෙබරවාරියේ පාප් වහන්සේට නිල වශයෙන් දැනුම් දුන්හ.
"මොන්සිඥෝර් " යන දයාබර නාමයෙන් රොමෙරෝ හිමියන් තවමත් සිහිපත් කරන එල් සැල්වදෝර් වාසීනට මෙය අතිශය ආනන්ද ජනක පුවතක් වී තිබේ

Salvadoran Archbishop Oscar Romero will be beatified in San Salvador May 23, said Italian Archbishop Vincenzo Paglia, the postulator or chief promoter of the archbishop's sainthood cause.

The ceremony will be in Plaza Divino Salvador del Mundo. The archbishop said Cardinal Angelo Amato, prefect of the Congregation for Saints' Causes, would celebrate the Mass.

"Romero, from heaven, wants every Salvadoran to walk the path of peace and justice," Archbishop Paglia said March 11 at a news conference in San Salvador.
The archbishop called the beatification a gift for the world, but particularly for the people of El Salvador.

Pope Francis formally recognized Feb. 3 that the slain Salvadoran archbishop was killed "in hatred of the faith" -- and not for purely political reasons.

While Archbishop Romero's sainthood cause began in 1993, it continued for years as church officials combed through thousands of documents related to his life. The effort began moving forward under Pope Benedict XVI. In May 2007, he said: "Archbishop Romero certainly was a great witness to the faith, a man of great Christian virtue."

The process advanced rapidly with the election of Pope Francis in 2013, the first Latin American pope in history. From the first moments of his papacy, he showed interest in declaring Archbishop Romero a saint.

Pope Francis signed the decree recognizing Archbishop Romero as a martyr, which meant there was no need to prove a miracle for his beatification. However, a miracle is ordinarily needed for canonization as saint.

Archbishop Romero, an outspoken advocate for the poor, was shot and killed March 24, 1980, as he celebrated Mass in a hospital in San Salvador during his country's civil war. Archbishop Paglia said in early February that the two decades it took to obtain the decree were the result of "misunderstandings and preconceptions."
(Catholic News Service)




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය