රොබෝ යන්ත්‍ර සහ "කෘත්‍රීම බුද්ධියේ " දියණුව මානව යහපත පිණිස පමණක් ම වේවා! සුදොතුම් පියතුමා ගේ නොවැම්බර මාසයේ යැදුම් අදහස

Holy Father's November prayer intention: that progress in robotics and AI “be human”



(2020 නොවැම්බර 9)

ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ගේ නොවැම්බර මාසයේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. මෙවර එතුමා එම පණිවිඩය මගින් කතා කරන්නේ මිනිස් පැවැත්මට සේ ම විනාශයට ද හේතු විය හැකි නූතන තාක්ෂණ සොයාගැනීමක් ගැන ය. 

නූතන විද්‍යාවේ  හා තාක්ෂණයේ ඵලයක් වන "කෘත්‍රිම බුද්ධිය" (Artificial Inteligence - AI) ඔස්සේ  මානව වර්ගයා අත්දකිමින් සිටින  යුග වෙනස ගැන මේ වීඩියෝව මගින් එතුමා ලෝකයේ සහ කතෝලික ජනතාවගේ අවධානය  යොමු කරයි. තාක්ෂණ ඉතිහාසයේ දැවැන්ත පිම්මක් වන මේ සොයා ගැනීම "මානව ගරුත්වයට ගරු  කරමින් සහ  මැවිල්ල රැකබලා ගනිමින් මානව වර්ගයට  සේවාව කරන්නක් ම වන පිණිස" මේ නොවැම්බර මාසය තුළ යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා වෙසෙන කතෝලික ආරාධනා කරයි. 

මෑත කාලය තුළ කෘත්‍රීම බුද්ධිය කැපී  පෙනෙන වර්ධනයක් ලබා ගෙන  තිබේ.  දැනුම සහ ඥානය භාවිත වන විවිධාකාර  ක්ෂේත්‍ර වල  කෘත්‍රිම බුද්ධිය භාවිතයට  ගනු ලැබේ. කෘත්‍රිම බුද්ධියේ දී කරනු ලබන්නේ මානව පාලනයකින් තොරව දැනුම භාවිත කර තීරණ ගෙන ක්‍රියා කිරීමේ බලය කොම්පියුටර හෝ රොබෝ යන්ත්‍ර වලට ලබා දීමයි. නාසා ආයතනය විසින් 2012 දී අඟහරු මත ගොඩ  බස්වන ලද කියුරියෝසිටි අඟහරු රෝවර වාහනය  මිනිසා විසින් කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා  එක් අවස්ථාවකි. මේ වන විට ලොව පුරා පවතින ව්‍යාපාර සහ සංවිධාන අතරින් 37%ක්  සිය කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා බව තාක්ෂණ වාර්තා  හෙළි කරයි. 

මෙම තාක්ෂනය මිනිසා ගේ යහපතට ඉතා විශිෂ්ට ලෙස යොදා ගත හැක්කක් වන නමුදු එය මිනිසා ගේ විනාශයට සහ අයහපතට යොදා ගැනීමට  පවතින හැකියාව ද ඉතා වැඩිය.මන්ද පාලනයකින් තොරව යන්ත්‍රයකට ලබා හැකි බුද්ධිය මිනිසාට ම පාරාවළල්ලක්  වීමට ඉඩ ඇති බැවිනි.  ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ලෝකයේ අවධානය යොමු කරන්නේ එම තීරණාත්මක කාරණය  වෙතට ය. 

රොබෝ තාක්ෂණයේ සහ කෘත්‍රීම බුද්ධියේ දියුණුව මගින් යහපත් ලෝකයක් ඇති කල හැකි බව සුදොතුම් පියතුමා සිය සසුන් පිය වීඩියෝ පණිවිඩය මගින් කියා සිටියි. එහෙත් එසේ කල හැක්කේ එම තාක්ෂනයන් මිනිසා ගේ පොදු යහපත සමග සම්බන්ධ කරගන්නේ නම් පමණකි. තාක්ෂණ දියුණුව ලෝකයේ පවතින සමාජ අසමානතා වර්ධනය නොකළ යුතු බව එතුමා අවධාරණය කරයි. එතුමා පෙන්වා දෙන්නේ තාක්ෂණයේ දියුණුව මගින් සමාජ විෂමතා ඇති වන්නේ නම් "එය සැබෑ දියුණුවක් නොවන" බවයි. මන්ද ඒ මගින් මිනිසා ගේ  ගරුත්වය සහ මැවිල්ල රැකබලා ගැනීම අනතුරේ හෙලන බැවිනි. එම නිසා,  රොබෝ තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධිය මානව සුබ සිද්ධිය උදෙසාම භාවිත කිරීමට මගපෙන්වන ලෙස  ඉල්ලා නොවැම්බර මාසය තුළ යාච්ඥා කරන්නැයි එතුමා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

මෙවර සසුන් පිය වීඩියෝවේ සම්පූර්ණ පණිවිඩය මෙසේ ය:

"කෘත්‍රිම බුද්ධිය අප අත්දකිමින් සිටින යුග පෙරැළියේ හදවතේ ම පවතින්නකි.

වඩා යහපත් ලෝකයක් ඇති කිරීමට රොබෝ තාක්ෂණයට හැකියාව ලැබෙන්නේ එය පොදු යහපත සමග සම්බන්ධ කරන්නේ නම් පමණි. ඇත්ත වශයෙන් ම තාක්ෂණ දියුණුව සමාජ අසමානතා වර්ධනය කරන්නේ නම්, එය සැබෑ දියුණුවක් නොවේ. ආනාගත තාක්ෂණයේ ප්‍රගමනයන් පුද්ගලයාගේත් මැවිල්ලේත් ගරුත්වයට ගෞරව කිරීම වෙත යොමු කල යුතු ය. 

රොබෝ තාක්ෂණයේ සහ කෘත්‍රිම බුද්ධියේ ප්‍රගමනයන් නිරන්තරයෙන් ම මානව වර්ගයා ගේ සේවාව පිණිස ම වේවා යි අපි යාච්ඥා කරමු. ..."ඒවා මනුෂ්‍ය වේවා" යි අපට කිව හැකිය."


Comments

  1. Appreciate much..Thanks for the Sinhala translation.. blessings

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය