2016 සුවිශේෂ ජයන්ති වසරක් - සසුන් පියාණෝ ප්‍රකාශයට පත් කරති. 2016: The Jubilee Year of Mercy –Announces Pope Francis

(2015 මාර්තු 13)
ලබන වසර දේව දයාවේ අතිශුද්ධ වූ ජුබිලි වසරක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් තීරණය කර තිබේ. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී සිකුරාදා පැවති "24 පැයේ පශ්චාත්තාප මෙහෙයේ" අනුශාසනාව කරමින් පාප්වහන්සේ මේ බව කියා සිටියහ. "සභාවට  දයාවේ සාක්ෂි කරුවකු වීමේ ස්වකීය  දුත මෙහෙවර පිලිබඳව පැහැදිලි කරගත හැක්කේ කෙසේදැයි මා සිතුවා. එය ආධ්‍යාත්මික සිත් මාරුවක් සමග ආරම්භ වන දීර්ඝ ගමනක්. මේ හේතුව නිසා දෙවියන් වහන්සේ ගේ දයාව කේන්ද්‍ර කරගත් අති විශේෂ ජයන්ති වසරක් ප්‍රකාශයට පත් කිරීමට ම තීරණය කළා . එම වසර 'දයාවේ ශුද්ධ වසර' ලෙස නම් කෙරෙනු ඇති" යයි පාප් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ. ජයන්ති වසර දයාවේ මාතාවන් වන මරිය වහන්සේට කැප කරන මවද උන්වහන්සේ සඳහන් කළහ.
වකවානු 
ජුබිලි වසර නිල වශයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ මේ වසරේ දේව දයාවේ මංගල්‍ය දිනයේදීයි.
මේ වසරේ දෙසැම්බර 8 වැනිදා දේවමාතා වහන්සේ ගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍ය දවසේ ආරම්භ වන දයාවේ ශුද්ධ වසර 2016 නොවැම්බර 20 දා  ක්‍රිස්තු රජාණන්ගේ මංගල දිනයේ නිමාවට පත් වෙයි. සභා නවෝදයට මග හෙළි කළ දෙවැනි වතිකාන කතිකාව පරිසමාතියට පැමිණීමේ 50 වැනි සංවත්සරය සැමරෙන්නේ ද එදින ය.  ජයන්ති වසරේ සුබ අස්න ලෙස ලූක් තුමා ගේ සුවිශේෂය තෝරා ගෙන තිබේ. ලුක් තුමා හැඳින්වෙන්නේ 'දයාවේ සුවිශේෂක වරයා " ලෙසයි.
ඉතිහාසය.
පුරාණ හීබෘ චාරිත්‍ර අනුව සෑම 50 වැනි වසරක් ම ජයන්ති (ජුබිලි) වසරක් ලෙස සැලකිණි.සිය පෞද්ගලික දේපොළ සහ නිදහස අහිමි වූ ඊශ්‍රායෙල් වරුන්ට  ඒවා යලි දිනා ගැනීමේ අශීර්වාදලත් සමයක් සේ එය සලකන ලදී. වහලුන් හිමි ඊශ්‍රායෙල් වරුන් එම සමයේ වහලුන්ට නිදහස දීමේ සිරිතක් ද තිබිණි.
කතෝලික ඉතිහාසයේ ශුද්ධ වසර පැවැත්වීම ඇරඹුණේ වර්ෂ 1300 දී 3 වැනි බොනිපස් පාප්වහන්සේ ගේ සමයේ දීය. 1475 සිට සෑම වසර 25 කට වතාවක් ම ජයන්ති වසර සැමරිණි.
ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් 2016 දී සැමරෙන්නේ සුවිශේෂ ජුබිලි වසරකි. එය දේව වරප්‍රසාද  ලබා ගැනීමේ සුවිශ්ෂ සමයක් වනු ඇත.

දයාව, කරුණාව සහ සමාව දීම ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ හදට සමීපම තේමාව යි. ගිය වසරේ දී ඇමෙරිකාවේ එක ප්‍රකට මාධ්‍යවේදියෙකු උන්වහන්සේ හඳුන්වා දුන්නේ "දයාවේ පාප් තුමා" යනුවෙනි.

Pope Francis has announced an extraordinary Jubilee to start at the end of the year, which will be dedicated to a theme close to the pontiff’s heart: mercy.

“Dear brothers and sisters, I have thought about how the Church can make clear its mission of being a witness of mercy,” the Pope told attendees of his March 13 penitential liturgy in St. Peter’s Basilica.

“It's a journey that starts with a spiritual conversion. For this reason I have decided to declare an Extraordinary Jubilee that has the mercy of God at its center. It will be a Holy Year of Mercy.”

The biblical passage for the Holy Year's theme is from Luke Chapter 6 verse 36, in which Jesus tells his disciples, “Be merciful as your Father is merciful.”

“I am convinced that the whole Church will be able to find in this Jubilee the joy of rediscovering and making fruitful the mercy of God, with which we are all called to give consolation to every man and every woman of our time,” Pope  Francis said, and entrusted the Holy Year to Mary, Mother of Mercy.

Pope Francis made his announcement during a penitential liturgy opening the second “24 Hours for the Lord” event, which he originally called for in Lent of last year.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය