Posts

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් මැනගුවා ආසන දෙව් මැදුරේ ඓතිහාසික සිරි කුරුසිය විනාශ වෙයි ; සුදොතුම් පියතුමා කම්පා වෙයි; ඔර්තේගා රෙජීමයේ "ත්‍රස්තවාදී" ක්‍රියාවක් - නිකරගුවා සභාව කියයි

Image
Historical Crucifix in Managua cathedral torched in ‘hatred of"the Church - Holy Father expresses closeness to Nicaraguans 
(2020 අගෝස්තු 2) හඳුනා නොගත් පුද්ගලයකු විසින් එල්ල කරන ලද පෙට්‍රල්  බෝම්බ ප්‍රහාරයකින් නිකරගුවාවේ මැනගුවාහි ආසන දෙව්මැදුරේ ඇති ඓතිහාසික ශ්‍රී කුරුස ප්‍රතිමාව දැවී විනාශ  වී තිබේ. ඒ සමගම කුරුස ප්‍රතිමාව ඉදිරිපස තිබූ දිව්‍ය සත්ප්‍රසාද මංජුසාව ද දැවී ගොස්  ඇත. 
සිද්ධිය සිදු වී ඇත්තේ ඉකුත් සිකුරාදා (ජූලි 31) ය.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන අන්දමට හිස සහ මුහුණ වැසෙන ආකාරයේ ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු මැනගුවා නුවර ක්‍රිස්තුන්  වහන්සේ  ගේ ශ්‍රී රුධිරයේ ආසන දෙව්දුමැරට ඇතුළු වී තිබේ. එතුළ විනාඩි 20ක පමණ කාලයක් ගත කළ  ඔහු ඓතිහාසික ශ්‍රී කුරුස ප්‍රතිමාව ඇති කුඩා දෙව්මැදුර වෙත පිවිස ඇත. එහිදී "මම ආවේ ක්‍රිස්තුන් වහන්සේ ගේ රුධිරයටයි" යි හඬ නැගූ ඔහු එම ප්‍රතිමාව වෙත පෙට්‍රල්  බෝම්බයකින් පහර දුන්නේ ය. 
සැනෙකින් බෝම්බය පිපිරී හටගත් ගින්නෙන්  කුරුසිය සහ  අවට ප්‍රදේශය ගිණි ජ්වාලයකින් වැසී ගියේ ය. ඉතා ඉක්මනින් ගින්න මැඩ  පැවැත්විණ. මෙයින් කිසිදු කෙනෙකුට තුවාල සිදු වී නැත. 
කෙස…

"ඥානෝපදේශය (දහම් පාසල්) නිර්දේශ පාදක විෂය ඉගැන්වීමක් නොවේ; ධර්මදානය යි" - නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය කියයි: "සක්‍රමේන්තු පෙන්වා දරුවන් 'බ්ලැක්මේල්' නොකරන්න"

Image
"Catechesis is not a school subject a teacher imparts information to students" - Archbishop Rino Fisichella at the Publication of the Directory of Catechesis  
(2020 ජූලි 17)
"නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සභා ජීවිතයේ ඉතා ප්‍රීතිමත් අවස්ථාවකි."
නව ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් මෙසේ කියා සිටියේ ධර්මෝපදේශය පිලිබඳ නව උපදේශ සංග්‍රහය නිකුත් කිරීම නිමිත්තෙන් ඉකුත් දා පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය  වතිකානය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉකුත් ජුනි 25 වැනිදා ය.

මේ උපදේශ සංග්‍රහය නිකුත් කෙරෙන්නේ  1971 දී නිකුත් කරන ලද "පොදු ධර්මොපදේශ උපදේශ සංග්‍රහයටත්" 1997 දී නිකුත් කෙරුණු "ධර්මෝපදේශය සඳහා පොදු උපදේශ" මාලාවටත් බොහෝ කාලයකට පසුව ය. එම උපදේශ සංග්‍රහයන් නිකුත් කරන ලද්දේ පුදැදුරුවරුන් පිලිබඳ සසුන් පර්ෂදය විසිනි. සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් ධර්මෝපදේශය පිලිබඳ වගකීම ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාව වෙත පවරන ලදී. මෙම ධර්මෝපදේශ උපදෙස් සංග්‍ර…

කොරෝනා "සිරවීමට" විරාමයක්: ලූර්දුවෙන් ලොව ප්‍රථම අථත්‍ය වන්දනා ගමන ජූලි 16 දවස පුරා - ලූර්දු සිද්ධස්ථානයේ සිට සජීවීව ලොව පුරා

Image
Lourdes hosts world's first ever virtual pilgrimage today 
(2020 ජූලි 15)
ප්‍රංශයේ ලූර්දු නම් පුංචි ගම්මානයේ බර්නදෙත් සුබීරු නම් 14 හැවිරිදි දැරිය එගම  ගල් ගුහාවක් මත දර්ශනය වූ දේවමාතා වහන්සේ ප්‍රථම වරට දුටුවේ  වසර 160කට පෙර 1858 ජූලි 16 වැනිදා ය. "මම ජම්ම දෝෂයෙන් නිදොස්ව පිළිසිඳුණු තැනැත්තිය වෙමි" යි 17 වන දර්ශනයේ දී ඕ බර්නදෙත්ට පැවසුවා ය.

මේ "ජම්ම දෝෂයෙන් නිදොස්ව පිළිසිඳුණු තැනැත්තිය" ගේ පෙම්බර අනුහසින් ලූර්දු ගම්මානය ලොව පතල වන්දනා ස්ථානයක් බවට පත් විය. එතුමිය දර්ශනය වූ ගුහාව අසලින් ගලා ගිය දිය පාරේ ජලය සුව කල නොහැකි ශාරීරීක රෝග සුව කරන ඔසුවක් ද ආත්මික ශාන්තිය දෙන අමාවක්  ද බවට පත් විය.

වසරේ දින 365 පුරාම වන්දනා කරුවන්ගෙන් පිරී ඉතිරී ගිය, කිසිදා  නොවැසුණු, මේ වන්දනා ස්ථානය කෝවිඩ් වසංගතය නිසා ප්‍රථම වතාවට වසා දමන්නට සිදුවිය. ප්‍රථම වතාවට එය වන්දනාකරුවන්ගෙන් හිස් වූ පින් බිමක් බවට පසුගිය මාස දෙක තුළ පරිවර්තනය විය. 

දැන් ප්‍රංශය කෙමෙන් සාමාන්‍ය ජීවිතයට විවර වෙමින් තිබේ. එහෙත් වෛරස මුළුමනින්ම මර්දනය වී නොතිබීමත් තවත් වසංගත රැල්ලක අවදානම පවතින නිසාත් සාමාන්‍ය ජ…

කෝවිඩ් 19 සංකුලතා හේතුවෙන් බංග්ලාදේශ අගරදගුරු හිමි ස්වර්ගස්ථ වෙයි

Image
Bangladesh Archbishop passes away due to Covid-19 complications 
(2020 ජූලි 14)
කොවිඩ්-19 ආසාදනයේ සංකුලතා හේතුවෙන් සිය අගරදගුරු හිමි නමක් සවර්ගස්ථ වීම නිසා බංගලි දේශයේ කතෝලිකයෝ මහත් සංවේගයට පත් වී සිටිති.

මෙසේ ස්වර්ගස්ථ වූයේ එරට චිතගොං පදවියේ අගරදගුරු අති උතුම් මෝසස් කොස්තා හිමිපාණෝ ය. එතුමා 69 වන වියේ පසුවිය.

සිරි කුරුස නිකායට අයත් පුදැදුරු වරයකු වූ මෝසස් කොස්තා අගදරගුරු හිමියන් කෝවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූයේ ඉකුත් ජුනි මාසයේ ය. එම රෝග ලක්ෂණ සංකීර්ණ වී හුස්ම ගැනීමේ අපහසුතා වර්ධනය වීම නිසා ජුනි 13 වැනිදා චිතගොං සිට එතුමා ධකා නුවරට රැගෙන එන ලද අතර එහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

ජුනි 22 දා වන විට එතුමා ගේ තත්වය කැපී පෙනෙන ලෙස සුව අතට හැරිණි. ඉන් පසු කරන ලද පරීක්ෂණයේ දී එතුමාගේ සිරුරේ කෝවිඩ්-19 වෛරස නොමැති බව ද  තහවුරු විය. කෙසේ නමුදු වැඩිදුර ප්‍රතිකාර සඳහා එතුමා තව දුරටත් රෝහලේ රඳවා ගන්නා ලදී.

කෙසේ  නමුත් මෝසස් කොස්තා අගරදගුරු හිමියන් ගේ තවත්වය ජූලි 8 වැනිදා යළිත් අයහපත් අතට හැරිණි. කෝවිඩ් ආසාදනයේ  ප්‍රතිඵලයක් ලෙස මොළයේ ඇති වූ ලේ ගැලීම් කිහිපයක් හේතුවෙන් අඝාත කිහිපයක් ම …

තුර්කියේ "හගියා සොෆියා" බැසිලිකාව ඉස්ලාම් පල්ලියක් බවට පරිවර්තනය කෙරේ; "කිතුනු-ඉස්ලාම් සංවාදයට බරපතල හානි සිදු විය හැකියි" ඕතඩොක්ස් නායකයෝ කනස්සල්ල පළකරති

Image
Turkey's Hagia Sophia Basilica converted to be a mosque
(2020 ජූලි 11)
තුර්කියේ  හගියා සොෆියා ඓතිහාසික ස්මාරකය ඉස්ලාම් පල්ලියක් බවට පත් කරන බව එරට ජනාධිපති ටය්යිප් එර්ඩොගාන් අද ප්‍රකාශ කළේය. ඊට අදාළ ජනාධිපති නියෝගය ඔහු ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජූලි 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ගොඩනැගිල්ල තුළ ඉස්ලාම් ආගමික යාච්ඥා ආරම්භ කිරීමට අනුමැතිය දී තිබේ. 

ඔහු මෙම නියෝගය නිකුත් කලේ එරට ඉහළම පරිපාලන අධිකරණය ඉකුත් දා නිකුත් කළ තීන්දුවක් අනුව යමිනි. 1934 දී මෙම පෞරාණික ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත් කරනු ලැබීම නීතිවිරෝධී ක්‍රියාමාර්ගයක් බවට එම අධිකරණය තීන්දු කර තිබිණි.
හගියා සොෆියා - "දිව්‍ය ප්‍රඥාවේ" බැසිලිකාවේ ඉතිහාසය කෙටියෙන් ක්‍රි. ව. 537 දී මෙම බැසිලිකා දෙව්මැදුර ඉදිකරන ලද්දේ ජස්ටීනියන් නමැති බයිසන්තියාන ක්‍රිස්තියානි අධිරාජයා විසිනි. ඔහු එය "දිව්‍ය ප්‍රඥාවට" (Hagia Sophia - Divine Wisdom) කැප කිරීම නිසා මෙම නාමය ඊට හිමිවිය.

1453 දී කොන්ස්තන්තිනෝපලය බිඳ වැටී එය ඔටෝමාන් අධිරාජ්‍යයට යටත් වීමත් සමග කොන්ස්තන්තිනෝපලයේ නම ඉස්තාන්බුල් ලෙස වෙනස් කරනු ලැබිණි. ඒ සමගම …

"පවුල් වලට ආදරයත්, ගෞරවයත්, මගපෙන්වීමත් ලැබෙන පිණිස යාච්ඥා කරමු." - සුදොතුම් පියතුමා ගේ 2020 ජූලි මාසයේ යැදුම් අදහස (වීඩියෝ)

Image
Pope's prayer intention for July: that families be loved, respected, guided
(2020 ජූලි 20)
2020 ජූලි මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යාච්ඥා අදහස  :නූතන ලෝකයේ පවුල්" වෙනුවෙනි. ඒ අනුව "ආදරය , ගරුත්වය සහ මගපෙන්වීම තුළ පවුල් කැටුව යාමට"  සමාජයේ සෑම අංශයකටම හැකි වන පිණිස යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මාසික යැදුම් අදහස විස්තර කෙරෙන සුදොතුම් පියතුමා ගේ පණිවිඩය ඇතුළත් වීඩියෝව අද නිකුත් කෙරිණි. 'සසුන් පිය වීඩියෝව' ("The Pope Video") නමින් හැඳින්වෙන එය නිකුත් කරන ලද්දේ පාප් වහන්සේ ගේ යැදුම් අදහස සන්නිවේදනය කරන "අපෝස්තලික යැදුම පිලිබඳ ශුද්ධෝත්තම පියතුමා ගේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය" විසිනි.

නූතන පවුල විවිධ අන්තරායන් සහ ආතතීන් වලට ගොදුරු වී ඇති බව සුදොතුම් පියතුමා එම වීඩියෝ පණිවිඩය මගින් පෙන්වා දෙයි. "වේගවත් ජීවිතය" (fast pace of life) ඊට  හේතුව බව එතුමා සඳහන්න කරයි.   "ඇතැම් විට දෙමාපියන්ට  සිය දූ දරුවන්  සමග සෙල්ලම් කිරීමට ද අමතක වෙයි" යි එතුමා නූතන යථාවක් දෙස ලෝකයේ අවධානය යොමු කර…

"සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි" ඇතුළු දේව මෑණියන්ට නව අභිධාන තුනක් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි; දේම මාතා ප්‍රාර්ථනාවටත් ඇතුළත් කිරීමට උපදසේ

Image
Pope Francis adds three titles to the Blessed Mother including “Comfort of Migrants” 
(2020 ජුනි 20)
දේව මාතාවන් වන මරිය මෑණියන්ට නව අභිධාන තුනක් එකතු කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර තිබේ. අලුතින් එක්කර ඇති මෙම අභිධාන තුන ජපමාල ධ්‍යානයෙන් පසුව හා වෙනත් මරිය යැදුම් සමග කතෝලික ජනතාව යදින සාම්ප්‍රදායික දේව මාතා ප්‍රාර්ථනාවට වහාම ක්‍රියාත්මක වන පරිදි එක් කෙරෙන බව වතිකානය අද නිවේදනය  කළේය.

මරිය මෑණියන්ට එක්කර ඇති එම නව අභිධාන (titles) තුන නම්,
"දයාවේ මාතාවෙනි" ,“Mother of Mercy,”
"බලාපොරොත්තුවේ මාතාවෙනි", “Mother of Hope,” සහ
"සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි" , “Comfort of Migrants.” යන ඒවායි.

මීට අදාළ ශුද්ධාසන උපදේශය, දිව්‍ය වන්දනාව සහ සක්‍රමේන්තු ශික්ෂණය පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ප්‍රධානි කාදිනල් රොබට් සේරා හිමියන් විසින් අද නිකුත් කරනු ලැබිණි. නව උපදෙස් ඇතුළත් ලිපිය ලොව පුරා සෑම රදගුරු සමුළුවක ම සභාපති රදගුරු හිමිවරුන් වෙත යවනු ලැබූ බව  වතිකානය නිවේදනය කරයි.

දිව්‍ය වන්දනාව සහ සක්‍රමේන්තු ශික්ෂණය පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ උපදෙස්  වලට අනුව නව අභිධාන වත්මන…