Posts

ප්‍රැන්සිස් සසුන් පිය සමයට දස වසරයි! දයාවේ, සාංගමනිකත්වයේ, සහෝදරත්වයේ, දිළිඳු කමේ, සේවක - නායකත්වයේ දශකය ගැන විමසීමක්.

Image
  Ten Years of stunning Mercy, Inclusiveness and Servant-Leadership: An analysis of Francis Decade 2023 මාර්තු 13 වනදාට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට තෝරා පත්කරගනු ලැබ දස  වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. (2023 මාර්තු 13) දිනය 2013 මාර්තු 13 වන දා ය. රෝම පුරවරය.   වෙලාව රාත්‍රී අටට පමණ ඇත.  පොද වැස්සක් වැටෙමින් තිබේ. එහෙත් වැස්ස නොතකා රෝමයේ ඓතිහාසික ම ස්ථානයක් වන වතිකානයේ සාන්ත පීතර බැසිලිකා මහා දෙව් මැදුරට මුහුණලා ඇති චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ඇත. ඒ ජනකාය අතර යෞවන යෞවනියන්, වයසක සිස්ටර්ලා බ්‍රදර්ලා පමණක් නොව අත දරුවන් වඩා ගත් තරුණ දෙමාපියෝ ද වෙති. ඒ සියල්ලන් ගේ නෙත් යොමුවී ඇත්තේ වතිකාන අපෝස්තලික  මාලිගා සංකීර්ණයේ සිස්ටයින් පල්ලියට ඉහලින් අහස දෙසට නැගී සිටින දුම් කවුළුව දෙසටය. මේ සියල්ලන් බලා සිටින්නේ අද රාත්‍රිය නික්ම යන්නට පෙර පේදුරු තුමා ගේ නව අනුප්‍රාප්තිකයා තෝරාගනු ලබාවිදෝ කියාය.   පේදුරු තුමන් ගේ අසුන ඒ වසරේ අනපේක්ෂිත ලෙස හිස් වූයේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමට තීරණය කල නිසාය. මේ කම්පනය ද මෙහි රැස්ව සිටි ජනකායේ මුහුණු තුළ නැත්තේ නොවේ.  ද

"සභාවේ සාමාජිකයන් අතින් අපයෝජනයට ලක් වන්නන්ට සිය වේදනාබර සිද්ධිය කියන්නට අවශ්‍ය ආරක්‍ෂිත වටපිටාව ඇති කල යුතුයි; ඔවුන් නිහඩ නොකළ යුතුයි; ඔවුන් වෙනුවෙන් යදිමු; අපයෝජනය කරන විලෝපිකයන් ආරක්ෂා නො කල යුතුයි" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාර්තු මාසයේ සිය යැදුම් පණිවිඩයෙන් අවධාරණය කරයි.

Image
"Church must offer safe spaces for victims of  abuse to be heard; Church cannot try to hide the tragedy of abuse of any kind; let us pray for the victims of abuse by the members of  the Church." Holy Father's Prayer Intention for March 2023   (2023 මාර්තු 2) ලිංගික අපයෝජනයට  ලක් වන අවිහිංසක වින්දිතයන්ගෙන් සමාව ඉල්ලීම ප්‍රමාණවත් නොවන බව ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා අවධාරණය කරයි. "සමාව ඉල්ලීම අත්‍යවශ්‍යයි. එහෙත් එය ප්‍රමාණවත් නොවේ" යයි එතුමා දැඩි ලෙස කියා සිටියි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කාරණය ඉතා අවධාරණයෙන් කියන්නේ අද නිකුත්  කරන ලද මාර්තු මාසය සඳහා සුදොතුම් පිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝවෙන් සිය පණිවිඩය ප්‍රකාශ කරමිනි.  මේ මාසයේ ශුද්ධෝත්තම පියතුමා ලොව පුරා කතෝලික ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ, ලෝකය පුරාම විවිධ පුද්ගලයන් අතින්, විශේෂයෙන් "සභාවේ සාමාජිකයන් අතින්" ලිංගික අපයෝජනයට  ලක්වන නිකැළැල් සොඳුරු මල් බඳු ළමයින් සහ තරුණ තරුණියන් වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි. එලෙස යාච්ඥා කරන අතර අපයෝජන  සම්බන්ධයෙන් සභාවේ නායකත්වය, සභාවේ සාමාජිකයන් සහ දෙමාප

"චතාරිකයේ පශ්චාත්තාපික ගමනත් - සභාවේ සාංගමනික ගමනත් එක සමානයි" - සුදොතුම් පියතුමා චතාරික පණිවිඩයෙන් කියයි. "වෙහෙස නොබලා කන්ද නැග්ගොත් කන්ද මුදුනේ පරිදර්ශනය අප මවිත කරාවි."

Image
"Lenten Penance and the Synodal Journey are similar" -Holy father says in 2023 Lenten Message   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යොවුන් දින රැළියක දී. -"එකට ගමන් කිරීම." (2023 පෙබරවාරි 22 ) අළු බදාදයින් ආරම්භ කෙරෙන චතාරික පශ්චත්තපික සමයත් සභාව දැන් ආරම්භ කර ඇති සාංගමනික ගමනත් (Synodal Journey - සිනෝඩීය ගමන) එක සමාන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.  මේ ගමන් දෙකෙහිම  පවතින්නේ  එකම ලක්ෂණය. ශ්‍රාවකයන් රැගෙන ක්‍රිස්තුන් වහන්සේ හුදෙකලා තැනකට යාම, එම හුදෙකලා තැන වෙත යන මාර්ගය දුෂ්කර, වෙහෙසකර, මහත් පරිශ්‍රමයෙන් හා කැපවීමෙන් යුතු  එකක් වීම, එහෙත් ගමන පුරා ක්‍රිස්තුන් වහන්සේ "ශ්‍රාවකයන් සමග" සිටීම, ක්ර්සිතුන් වහන්සේ අප ගෙන යන  හුදෙකලා තැන - හෙවත් කන්ද මුදුනේ - ශ්‍රාවකයන්ට සිය වෙහෙසට සහ දුෂ්කරතාවට කිසිසේත්  සම කල නොහැකි නෙත් සිත්  මවිත කරන  මහිමයක් දැක ගන්නට ලැබීම එම පොදු ලක්ෂණ වේ.  සිය චතාරික  භාවනාව තුළ මේ චතාරිකයේ දී  අපට ගමන් කල හැකි මාර්ග දෙකක් ද සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එනම් "ක්‍රිස්තුන් වහන්සේට සවන් දීම සහ 'තැන්නට යාම'යි".  ප්‍රැන්සිස්

"වෛරයේ පවුරෙන් ඔබ්බට" - ඉතාලි සිත්තරෙක් ආදරවන්තයන් ගේ දිනයට සසුන් පිය ප්‍රැන්සිස් දැකපු හැටි

Image
"Beyond the wall of hate" - How an Italian artist saw the Lovers Day looking at Pope Francis  (2023 පෙබරවාරි 19) මෙහි දැක්වෙන චිත්‍රය ඉතාලි ජාතික වීදි සිත්තරෙකු වන මෝරෝ පැලොත්තා හෙවත් "මෝපාල්" විසින් අඳින ලද්දකි.  පෙම්වතුන් ගේ දිනයට පෙර, 2023 පෙබරවාරි 4 වැනි දා ඉතාලියේ පළ වන දුප්පතුන් වෙනුවෙන් කැප වූ පුවත්පතක් වන  "Osservatore di Strada" හෙවත්  "Street Observer"  හි මේ චිත්‍රය පල කර තිබිණි. එදින කලාපය කැප කර තිබුණේ "ආදරය" වෙනුවෙනි.  මේ චිත්‍රය මෝපාල් විසින් පරිත්‍යාග කරන ලද්දක් බව පුවත් පත ඊට යොදා තිබූ කැප්ෂනයේ විස්තර කර තිබිණි.  මේ නිර්මාණයේ මාතෘකාව "වෛරයේ පවුරෙන් ඔබ්බට" හෙවත් "Beyond the wall of hate" යන්න බව චිත්‍ර ශිල්පී මෝපාල් විස්තර කරයි. ප්‍රේමයේ තේමාව නිර්වචනය කිරීමට තමන් පාදක කර ගත්තේ මානව සහෝදරත්වය වෙනුවෙන් වෙහෙස නොබලා, විවේචන නොතකා කටයුතු කිරීම නිසා මානව ප්‍රේමයේ  Champion කෙනෙකු හෙවත් වීරයකු වන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ භූමිකාව බව හෙතෙම සඳහන් කරයි.  එතුමන්  දෙස බලා සිටීම "වෛරයේ පවුරෙන් ඔබ්බට&qu

ප්‍රැන්සිස් සුදොතුම් පිය දස වස් සංවත්සරයට ලොව සිව් දෙසින් ස්වර්ගයට එසැවෙන යැදුම් පහන් පොකුරක් ! එකතු වෙන්න ඔබටත් අවස්ථාවක් ! ලෝක සිතියමේ ඉටිපහනක් දල්වමින් එකතු වන්න !

Image
A special prayer initiative for the 10th anniversary of Pope Francis' pontificate "රෝමයේ රදගුරු තුමා ඔබව  ආශීර්වාද කරන්න පෙර, රදගුරු තුමාව ආශීර්වාද කරන්න කියා යාච්ඥා කරන්න." මතකද? (2023 පෙබරවාරි 14) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සසුන් පිය පදවියට තේරී පත්වී ලබන මාර්තු 13 වැනිදාට හරියට ම දස වසරක් සපිරේ.  එදිනට එතුමන් වෙනුවෙන් විශේෂ යැදුම් පහන් පොකුරක් ලොව පුරා සෑම ප්‍රදේශයක ම සිදු කිරීමට ඩිජිටල් සාංගමනික මූලිකත්වය පියවර ගෙන තිබේ.  ප්‍රැන්සිස් සසුන් පිය ධුර සමයට දස වසරක් පිරෙන මාර්තු 13 වැනි දා එතුමන් වෙනුවෙන් දෙවි පියාණන්ට ස්තුති කිරීමට සහ එතුමන් ගේ දූත මෙහෙවරට දේව වරප්‍රසාද  ඉල්ලමින්  යාච්ඥා කරන්නයි ඩිජිටල් සාංගමනික මූලිකත්වය (The Digital Synod)  ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට ඇරැයුම් කරන බව වතිකාන ප්‍රවෘත්ති සේවාව කියයි. .  ඒ සඳහා ඔබ කල යුත්තේ එතුමන් වෙනුවෙන් එක නමෝ මරිය යැදුමක් හෝ  ඔබට හැකි නම්  ඊට වැඩියෙන්  ඔබට හැකි නමෝ මරිය සංඛ්‍යාවක්  හෝ  බැති බරව ඔප්පු කිරීමයි. මේ  නමෝ මරිය යැදුම් ජාලයට එක වන බව ලෝකයට ම පෙන්වීමට ද ඔබට හැකිය. එසේ කල හැක්කේ ලෝක සිතියමේ ඔබ සිටින ස්ථානයේ ඉ

"අපේ මීසම් සියල්ලන්ට විවෘත වූ, සවන් දෙන, ජනතා කේන්ද්‍රීය, සේවාවේ සංඝ බවට පත් කරමු" - පෙබරවාරි මාසයේ සසුන් පිය යැදුම් අදහස

Image
"Let our Parishes be generous open communities of service near to all" - Pope's Prayer Intention for February 2023 (2023 පෙබරවාරි 22) 2023 වසරේ පෙබරවාරි මාසය වෙනුවෙන් සුදොතුම් පිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය  පිය  වීඩියෝව දැන් නිකුත් වී තිබේ.  මීසම් වෙනුවෙන් යදිමු - කුමක් වෙනුවෙන් ද? අපේ ප්‍රාදේශීයබද  සසුන් වන මීසම් වෙනුවෙන් මේ මාසය පුරා අපි  යාච්ඥා කරමුයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට ආරාධනා කරයි. අපේ මීසම් වෙනුවෙන් යාච්ඥා කරන්නේ කවර අදහසකින් ද?  "ඒවා තේරීමකින්  තොරව  ජනතාව උණුසුමින් පිළිගන්නා වූ ද සවන්දෙනා වූ ද සභා බවට පත් කරන පිණිසත් ඒවායේ දොරටු සියල්ලනට සෑම වෙලාවකම විවෘතව  තබන පිණිසත්" යාච්ඥා කරන ලෙස සුදොතුම් පියතුමා ආරාධනා කරයි.  සියල්ලනට විවෘත  අපේ මීසම් වල දොරවල් කෙතරම් දුරට විවෘතව තිබිය යුතු ද කියන්නේ නම් "Free Admission"  යනුවෙන් සඳහන්  පණිවිඩ  පුවරුවක් මීසම් දොරටු වල  සවි කිරීමට තරම් තමන්ට සිතෙන බව සුදුතුම්  පියතුමා කියයි. Free Admission  යන්නෙහි වාචික අදහස "ඇතුළුවීම නොමිලේ" යන්නයි. එනම්,  "නිදහසේ ඇතුළුවන්න"නොහොත්  &

"සමරිසිබව සාපරාධි ක්‍රියාවක් නොවේ . එම නීති සහ ඔවුන් වෙනස් කොට සැලකීමේ සහ කොන් කිරීමේ නීති ඉවත් කෙරෙන ප්‍රයත්න වලට රදගුරු හිමිවරුන් සහය දිය යුතුයි" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළ ප්‍රකාශය සභා ඉගැන්වීම් වලට පටහැනියි ?

Image
Holy Father's statement "homosexuality is not a crime" - Is that against Catholic teaching? (2023 පෙබරවාරි 5) "සමරිසි පුද්ගලයකු වීම සාපරාධී ක්‍රියාවක් නොවේ," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් ජනවාරි මාසයේ  පැවැති සම්මුඛ සාකච්චාවක දී කියා සිටියේ ය.  ඇතැම් රටවල් සමරිසි හෙවත් LGBTQ+  පුද්ගලයකු වීම "සාපරාධී" ක්‍රියාවක් ලෙස නීති ගත කර තිබීම "අයුක්තිසහගත" බව එතුමා පෙන්වා දුන්නේ ය. සමරිසි ජනතාව සභාවට සහ දෙව්මැදුරු වලට පිළිගන්නා නීති සම්පාදනය කිරීමේ ප්‍රයත්න වලට  කතෝලික රදගුරු හිමිවරුන් සහය දැක්විය යුතු බව ද එතුමා කියා සිටියේ ය.  එතුමා මේ අදහස් පළ කළේ ලොව කීර්තිමත් ප්‍රවෘත්ති සේවාවක් වන එක්සත් ප්‍රවෘත්ති සේවාවේ  (Associated Press) ප්‍රවෘත්ති කලාවේදියකු සුදොතුම් පියතුමන් ගේ නිවසේ දී එතුමන් සමග කල සම්මුඛ සාකච්ඡාවක දී ය. එය ජනවාරි 25 දින පළ කරන ලද අතර ඒ අවට දිනවල ලොව පුරා ජනමාධ්‍ය වල ප්‍රචාරය විය.  ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් "ආන්දෝලනාත්මක" නොහොත් "මතභේදාත්මක "