"මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නන් උදෙසා යාච්ඥා කරමු" - අප්‍රේල් මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස: "මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නිර්භීත කමත් අධිෂ්ඨානයත් අවශ්‍යයි."
"Pray for those who Sacrifice their lives to defend human rights" Pope's Prayer intention for April: “Defending fundamental human rights demands courage and determination.” (2021 අප්‍රේල් 06) 2021 අප්‍රේල් මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. ලොව පුරා මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ මානව අයිතිවාසිකම් උදෙසා "සිය ජීවිත පවා පරදුවට තබමින් සටන් කරන්නන් වෙනුවෙන් මේ මාසය පුරා යාච්ඥා කරමු" යි සුදොතුම් පියතුමා එම වීඩියෝ පණිවිඩය මගින් ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. "මූලික මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නිර්භීතකමත් ප්‍රබල අධිෂ්ඨානයකුත් අවශ්‍ය ය." සුදොතුම් පියතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ එසේ ය. ඉන් පසුව එතුමා තමා එයින් අදහස් කරන්නේ කුමක්දැයි විස්තර කරයි. මේ මගින් තමා අදහස් කරන්නේ "දුප්පත්කම, (සමාජ ) විෂමතා, රැකියා, ජීවත් වීමට අවශ්‍ය බිම් කඩක් සහ නිවසක් නොමැති වීම, සහ සමාජ සහ කම්කරු අයිතීන් ප්‍රතික්ෂේප කිරීම" බව එතුමා කියයි. මානව අයිතිවාසික