"දයානුකම්පාබර තාත්තා කෙනෙකු පිලිගැනීම නොරුස්සන වැඩිමහල් සහෝදරයා ගැන කියන 'අකීකරු පුත්‍රයා' උපමාව සුදොතුම් පියතුමා පහදා දෙයි

"Let the culture of mercy grow" - Pope says at the Mass in Morocco 


(2019 අප්‍රේල් 2)
දයා කරුණාවේ සංස්කෘතියට වැඩීමට ඉඩ දෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මොරොක්කෝවේ රබාත් අගනුවර මවුලේ අබ්දෙල්ලා ක්‍රීඩාංගනයේ දී පවත්වන ලද ඉරිදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි.

බහුතර මුස්ලිම් රාජ්‍යයක් වන මොරොක්කෝවේ දෙව්මදුරකින් පිටත, එනම් ක්‍රීඩාංගනයක- පවත්වන ලද මේ දිව්‍ය පූජාව ද ඓතිහාසික 'එකක්' විය. දස දහසක පිරිසක්  (බහුතරය එරටට පැමිණ සිටින උප-සහරා අප්‍රිකානු රටවල සාංක්‍රමනික ජනතාව ) ඊට සහභාගී වූහ. එය එරට සිදුකරන ලද සුවිශාලම පූජාව ලෙස ඉතිහාසයට එක්විය. ග්‍රෙගෝරියාන සජ්ඣායානය, අප්‍රිකාන බෙර හා රිද්මීය සංගීතයත් නර්තනයත් මුසු වූ සංගීතයෙන් දිව්‍ය පූජාව පෝෂණය වී තිබිණි.

ක්‍රිස්තු ධර්මය මොරෝක්කෝවට ගෙන එන ලද්දේ ප්‍රථම ශ්‍රාවක පරපුර විසින් දෙවන  සහ  තුන්වන සියවස් ඇතුළතය. දැන් එරට කිතුනු ජනගහනය ඉතා කුඩා  වී තිබේ.

"අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් නිතර දෙවිඳුන් ආමන්ත්‍රණය කරන ආකාරයට අනුකම්පා සහගත වූ ද කරුණාබර වූ ද තැනැන්වහන්සේ ඔබ ශක්තිමත් කර ඔබගේ ප්‍රේමයේ ක්‍රියා වඩ වඩාත් ඵල බරිත කරන සේක්වා!" යි ප්‍රාර්ථනා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනය ආරම්භ කළේය.

"පියාණන් ගේ අභිලාශය වන්නේ සිය පුතුන් සහ දූවරුන් සියල්ලෝම ස්වකීය ආනන්දයේ  කොටස්කරුවන් වීමයි. උන්වහන්සේ ගේ හදවතේ ආශාව වන්නේ සියලු මිනිසුන් සහ කාන්තාවන් ගැලවීම ලැබීම සහ සත්‍යය අවබෝධ කරගැනීමයි." යි එතුමා කීවේය.

"ඉතා කුඩා වූවන් සහ දුප්පතුන්ට ද ප්‍රතික්ෂේප කරන ලද්දනට, අත්හැර දමන ලද්දනට සහ නොසලකා හරින ලද්දනට ද සමීප වන්න.  පියාණන් ගේ  සෙනෙහසින් වැළඳගැනීමේ සලකුණක් වන්න" යි එතුමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. "ප්‍රේමය, දයානුකම්පාව සහ කරුණාව කිතුනුවකු ගේ විශිෂ්ටතම උරුමය සහ වස්තුවයි" එතුමා අවධාරණය කළේය.

අකීකරු පුත්‍රයා ගේ අයියා ගේ චරිතය 

මෙදින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්ම දේශනයට කේන්ද්‍ර වූයේ ඉරිදා
පූජාවේ සුවිශේෂය වූ ලූක් සුබ අස්නේ එන කරුණාබර තාත්තා විසින් ප්‍රීතියෙන් සහ සෙනෙහසින් පිළිගන්න ලද නමුත් සිය අයියා විසින් විනිශ්චය කරන ලද  අකීකරු පුත්‍රයා ගේ උපමාවයි.

එතුමා මෙහි එන අකීකරු පුත්‍රයා සහ  ප්‍රේමවන්ත තාත්තා ගේ චරිත සමග  වැඩිමහල් සහෝදරයා ගේ චරිතය සංසන්දනය කළේය.

"ඒ ගෙදර එළිපත්තේ අපගේ මනුෂ්‍යත්වයේ අභිරහසට සම්බන්ධ යමක් සිදුවෙමින් තිබෙනවා." සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. එනම් පුත්‍ර කමට නුසුදුස්සකු ලෙස හඳුනාගත් සිය සහෝදරයා වැළඳගත් තාත්තා කෙරෙහි වැඩිමහල් පුතා උරණ වීමයි.
" නුසුදුස්සකු ලෙස ඔප්පු වූ තැනැත්තාට දුන් ප්‍රේමයේ හාද්දට විරුද්ධව වැඩිමල් පුතා තුළින් නැගෙන කෝපය සහ නොරිස්සීමෙන් අප දකින්නේ අපගේ සමාජය තුළ, අපගේ ප්‍රජාවන් තුළ එපමණක් නොව අපගේ හදවත් තුළ පවා අත්දකින නොසන්සුන්තාවයි.

සමාව දිය  හැකි, (පුතා එන තෙක්) ඉවසීමෙන් සිටිය හැකි, විශ්වාසයෙන් බලා සිටිය හැකි, කෙටියෙන් ම කියනවා නම් දයානුකම්පාබර තාත්තා කෙනෙකු පිලිගැනීමට  වැඩිමහල් සහෝදරයාට හැකියාවක් නැහැ.

සෑම පුද්ගලයකුම පුතකු සහ දුවක යන ගරුත්වය අත්දකින සහෝදරත්වයේ සමාජයක් ගොඩ නැගීමට අප දරන ප්‍රයත්නයන් සහ ඉහල පරමාදර්ශ නැති දොරටු අසල ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණකාරීත්වය සහ  ගැටුම් සැඟවී මග රැකගෙන  සිටියි." සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

දෙවි පියාණන් ගේ පිතෘක ප්‍රේමය සහ සෙනෙහස නීති රෙගුලාසි වලට කොටු නොකරන ලෙසත් සිරිත් විරිත් සහ පූජා විධි වලට ලඝු නොකරන්නැයි එතුමා ජනතාවට උපදෙස් දුන්නේය.
"අප දෙවියන් වහන්සේ ගේ දරුවන් ය යන සිද්ධාන්තය  නීති රෙගුලාසි, යුතුකම් සහ වගකීම් සහ සිරිත් පිළිපැදීම් වලට ලඝු කිරීමේ දුර්පරීක්ෂවට ඇද නොවැටෙමු.

"නැවතී අපගේ පියාණන් ගේ හදවත ගැන භාවනා කරන ලෙස ජේසු සමිඳාණෝ අපට ආරාධනා කරති. අප සියල්ලන් සහෝදර සහෝදරියන්  බව අපට පිලිගත හැකි වන්නේ එම කෝණයෙන් බැලූ විටය." යයි එතුමා අවධාරණය  කළේය. අපට අපගේ දුර නොදක්නා සහ භේදයේ චින්තන වල  දැවැන්ත නිම්වළලු පරාජය කිරීමට අපට හැකි වන්නේ එවිටය."

ලූක් තුමා ගේ මෙම සුපුවත් උපමා කතාව නිමා වන්නේ අවසානයක් නොමැතිව විවෘතව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.
"දයා කරුණාව මහත් උත්සවශ්‍රීයෙන් සැමරීම බෙදා ගනීම සඳහා  ගෙට ඇතුළු වන ලෙස තාත්තා වැඩිමල් පුතාගෙන් ඉල්ලා සිටින ආකාරය අපි දකිමු. එහෙත් වැඩිමල් පුතා කවර තීරණයක් ගත්තේ ද යන්න ගැන සුබ අසන පට කිසිවක් නොකියයි. ඔහු සාදයට එක වුනාද? "

"අප මෙය සිතා ගන්නට පුළුවන්: එනම් මෙම උපමාවේ විවෘත අවසානයේ  අර්ථය වන්නේ එහි අවසන් කොටස අප එකිනෙකා විසින් අප එකිනෙකා ජීවත් වන සමාජය සහ ප්‍රජාව විසින් සම්පූර්ණ කල යුතුය යන්නයි. අප එකිනෙකා අපගේ ජීවිතය ගත කරන ආකාරය අනුව, අප අන්‍යයන් සලකන ආකාරය අනුව සහ අප අපගේ අසල්වැසියාට සලකන ආකාරය අනුව  අපට එහි අවසන් කොටස ලියා සම්පූර්ණ කල හැකියි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"පියාණන් ගේ ගෘහයේ කාමර රාශියක් ඇති බව කිතුනුවෝ දනිති. එසේ තිබියදී එයින් පිටත් සිටින්නේ උන්වහන්සේ ගේ ආනන්දයේ කොටස් කාරයන් වීම තෝරා නොගන්නා පිරිසය" යි එතුමා වැඩිදුරටත් කියා සිටියේය.



Comments