"උත්ථානයේ අබිරහස අත්දකින්නට මමත්වයේ සිරගෙදරින් පිටතට එන්න" - පාස්කු රාත්‍රී අභියෝගය

“Get out of yourselves to enter into the Mystery, the Resurrection

(2015 අප්‍රේල් 5)
"ජේසු සමිඳුන්ගේ උත්ථානයේ  අබිරහසට අපට ඇතුළු විය හැක්කේ මමත්වයෙන් ඉවත් වී සත්‍යය සොයා යාමෙන් පමණක්" යයි සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් කියා සිටියා. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සෙනසුරාදා පැවැති පාස්කු රාත්‍රී දේව මෙහෙයේ දේශනය කරමිනුයි පාප් වහන්සේ මේ බව කියා සිටියේ.


"අබිරහසට ඇතුළු වීමට නම් අප සත්‍යයට බිය නොවිය යුතුයි. අප අප තුළ දොරගුළු ලා නොගත යුතුයි. අපට තේරුම් ගත නොහැකි දෙයින් පලා නොයා යුතුයි.අප ප්‍රශ්න හා  ගැටළු ඉදිරියේ  අපේ දෑස් වසා නොගත යුතුයි; ප්‍රශ්න ප්‍රතික්ෂේප නොකළ යුතුයි," යැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කළා.
අබිරහසට ඇතුළුවීමට ඉවහල්වන සත්‍යය සොයා යාමේ දී අපේ විශ්වාසයටත් පැවැත්මටත් අභියෝගයක් වන ගැඹුරු  අරුත් හා පිළිතුරු සෙවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්නා.



අහංකාරය හා මමත්වය වෙනුවට තමා පහත්  කර ගන්නා  තරමට බැහැපත් වීමෙන් පමණක් අබිරහසට ඇතුළු වීමේ දොරටු විවර කරගත හැකිවනු ඇති බවයි  තුන්වැනි දා අලුයම ජේසු සමිඳුන් ගේ සොහොන් ගැබට ගිය කාන්තාවන්ගේ කතාව විග්‍රහ කරමින් උන්වහන්සේ අවධාරණය කලේ.

පාස්කු රාත්‍රී දිව්‍ය  පුජාවේදී පාප් වහන්සේ කල සම්පුර්න දේශනාවයි මේ:

"අද රාත්‍රිය අවදිව යාච්ඥා කිරීමේ රාත්‍රියයි.

සමිඳාණෝ නොනිදන සේක. සිය ජනතාව වහල්බවින් මුදා ඔවුනට නිදහසේ මාර්ගය විවෘත කිරීම සඳහා මුරකරු එම  ජනතාව ආරක්ෂා කරයි. (ගීතාවලිය 121:4)
ස්වාමීන්වහන්සේ අවදිව සිය ජනතාව ආරක්ෂා කරනවා. ඒ සමගම උන්වහන්සේ ගේ ආදරයේ  බලයෙන් උන්වහන්සේ සිය ජනතාව රතු මුහුදෙන් එතෙර කරනවා.උන්වහන්සේ ජේසු සමිඳුන් මරණයේ අගාධයෙන් සහ පාතාල ලෝකයෙන් පිටතට ගෙන එනවා.

ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන්ට මෙය නින්ද නොයන  රාත්‍රියක්; ශෝකයේ සහ භීතියේ රාත්‍රියක්. ඒ කණ්ඩායමේ සිටි පිරිමින් ඉහල මාලයේ කාමරයේ දොරගුළු ලාගෙන සිටියා. එහෙත් කාන්තාවන් ඉරිදා අලුයම ජේසු ගේ මළ සිරුර ආලේප කිරීම සඳහා සොහොන් ගැබ වෙත ගියා. ඔවුන් ගේ සිත් මුළුමනින්ම ශෝකයේ හා චකිතයේ  ගිලිලා. ඔවුන් තමන්  අතරේ කතාකර ගන්නවා: "කවුද සොහොන් ගැබ තුලට යන්නේ? කවුද අපට ගැබ වසා ඇති ගල පෙරලා දෙන්නේ?" එහෙත් මෙන්න, ඔවුන් දකිනවා ඒ ශ්‍රේෂ්ට සිදුවීමේ ප්‍රථම සලකුණ: ගැබ වසා තිබුණු දැවැන්ත ගල ඉවත් කරලා. සොහොන් ගැබ විවෘත කරලා.

'එකල ඔවුහු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයකු දකුණු පස සිටිනු දුටහ' (මාර්කු 16:5) මේ බලවත් සලකුණ, එනම් 'හිස් සොහොන් ගැබ' දුටු පලමුවැන්නන්  වුයේ  මේ කාන්තාවන්. එසේම සොහොන් ගෙට ඇතුළු වූ ප්‍රථමයන්  වුයේ ද ඔවුන්.

මේ අවදිව සිටින රාත්‍රියේ එම කාන්තාවන් ගේ අත්දැකීම මෙනෙහි කිරීම සඳහා   ' සොහොන් ගෙට ඇතුළු  වීම' අපටත් හොඳයි. ඇත්තටම අප අද මෙහි සිටින් නේ ඒ සඳහායි. ඇතුළුවීම සඳහායි. දෙවියන්වහන්සේ සිය ප්‍රේමයේ අවදිව සිටීම මගින් සම්පුර්ණ කර ඇති අභිරහසට ඇතුළු වීම සඳහායි.අබිරහසට ඇතුළුවීමෙන් තොරව අපට පාස්කුව ජීවත් කල නොහැකියි. එය බුද්ධියට විෂය වූ දෙයක් නොවෙයි. එය අපට දැනගත හැකි  දෙයක් හෝ කියවා තේරුම් කරගත හැකි දෙයක් නොවෙයි.  ඊට  වඩා අතිශයින් වැඩි දෙයක්.  එයින් බොහෝඔබ්බට ගිය දෙයක්.

අබිරහසට ඇතුළු වීමට නම් අප සත්‍යයට බිය නොවිය යුතුයි. අප, අප තුළ දොරගුළු ලා නොගත යුතුයි. අපට තේරුම් ගත නොහැකි දෙයින් අප පලා නොයා යුතුයි. ප්‍රශ්න හා  ගැටළු ඉදිරියේ අපි  අපේ දෑස් වසා නොගත යුතුයි; ප්‍රශ්න ප්‍රතික්ෂේප නොකළ යුතුයි.

අබිරහසට ඇතුළුවීම යනු අපේ සුව පහසු සීමාවෙන් ඔබ්බට යාමයි. අපව පසු පසට අදින කම්මැලි කමෙන් හා උදාසීනකමෙන් ඔබ්බට ගොස් සත්‍යය, සුන්දරත්වය සහ ප්‍රේමය සොයා යාමයි. අබිරහසට ඇතුළුවීම යන්නේ අරුත අපගේ ඇදැහිල්ලට අභියෝග කරන, අපගේ භක්තියට හා අපගේ පැවැත්මට අභියෝග කරන ප්‍රශ්න වලට ගැඹුරු තේරුම් හා පිළිතුරු සොයා යාමයි. බොහෝ විට ඒවා පහසු පිළිතුරු නොවේ.

අබිරහසට ඇතුළු වීඑම සඳහා අපට බැහැපත්කම අවශ්‍යයි; අප අවමානයට පත්කරගනීමත්  සඳහා පහත්වීමත්  අවශ්‍යයි.  අබිරහස්ට ඇතුළුවීම සඳහා මමත්වයේ සිහසුනින් පහතට බැසිය යුතුයි. අහංකාරයේ පුරව නිගමනයෙන් ඉවත් විය යුතුයි. ඒ බැහැපත්කම යනු අප අප ගැන බරපතල ලෙස නොසිතීමයි. ඒ වෙනුවට අප ශක්තීන් මෙන්ම දුර්වලතාවලිනුත් සම්මිශ්‍රණය වූ සමාව හා දයාව අවශ්‍ය පව්කාරයන් බව වටහා ගැනීමයි. අබිරහසට ඇතුළුවීම සඳහා අපතුළ බල රහිත බවේ බැහැපත්වීමක් තිබිය යුතුයි. අප අප පිලිබඳ මවා ගෙන ඇති 'බොරු දේවතා' ප්‍රතිරූපය ප්‍රතික්ෂේප කලයුතුයි. ඒ වෙනුවට අප වන්දනා කල යුතුයි. වන්දනාවෙන් තොරව අබිරහසට ඇතුලත් විය නොහැකියි.

ජේසු ගේ ශ්‍රාවකයන් වූ කාන්තාවන් මේ සියල්ල අපට උගන්වනවා. ඔවුන් ඒ රාත්‍රිය  පුරා මරිය මෑණියන් සමග අවදිව සිටියා. මරිය මෑණියන් ඔවුන්ගේ විශ්වාසය හා බලාපොරොත්තුව නැති කර නොගෙන,  රැක  ගැනීමට ඔවුනට උදව් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් භීතියේ හෝ ශෝකයේ සිරකරුවන් ව නොසිට හිමිදිරියේ ප්‍රථම හිරු කිරණ පොලොව සිප ගන්නට පෙර සුවඳ තෛල ද රැගෙන සොහොන් ගැබ බලා ගියා. ඒ වන විට ඔවුන්ගේ හදවත් ප්‍රේමයෙන් අභිෂේක වී තිබුනා.  ඔවුන් පිටතට ගොස් අබිරහසට අතුලුවුනා. අපත් දෙවියන් වහන්සේ සහ අපගේ මෑණියන් වන මරිය වහන්සේ සමග අවදිව සිටින්නට ඔවුන්ගෙන් ඉගෙන ගනිමු. ඒ මගින් මරණයෙන් ජීවිතයට අප ගෙන යන අබිරහසට ඇතුළු වීමට අපටත් හැකිවෙවී."


During his homily for the Easter Vigil Pope Francis said that the Resurrection of Jesus is a mystery we can only enter by going out of ourselves and looking for the truth.

“To enter into the mystery demands that we not be afraid of reality: that we not be locked into ourselves, that we not flee from what we fail to understand, that we not close our eyes to problems or deny them, that we not dismiss our questions,” the Pope said April 4.

In order to fully enter the mystery of Jesus´ rising from the dead, we must let go of the comfort zones, laziness and indifference that hold us back, and instead go out in search “of truth, beauty and love.”

“It is seeking a deeper meaning, an answer, and not an easy one, to the questions which challenge our faith, our fidelity and our very existence.”

Francis spoke to the thousands present inside St. Peter’s Basilica to celebrate the Easter Vigil, which is celebrated the night before Easter in anticipation of Jesus’ rising from the dead.

The Easter Vigil, he noted, is also a night when the disciples, caught in sadness and fear after Jesus’ death, anxiously locked themselves inside the upper room.

However, the Pope noted that instead of staying with them, the women went to Jesus’ tomb and were the first to enter into the mystery of the Resurrection when they went inside and found it empty, except for “a young man sitting on the right side, dressed in a white robe.”

To enter into the tomb, Francis said, “is why we are here: to enter, to enter into the Mystery which God has accomplished with his vigil of love.”

“We cannot live Easter without entering into the mystery,” he said, explaining that this mystery is not merely something intellectual, but is rather “much more!”

To enter into it fully, he said, we must also have the ability to contemplate it and listen “to the silence,” which is where God speaks to us with “a whisper.”

Pope Francis concluded his homily saying that the women who were Jesus’ disciples serves as an example for all, because they kept vigil alongside Jesus’ mother, Mary.

The women, Francis noted, “did not remain prisoners of fear and sadness, but at the first light of dawn they went out carrying their ointments, their hearts anointed with love. They went forth and found the tomb open. And they went in.”

He prayed that everyone might learn from these women how to keep watch with the Lord and with Mary, so that “we too may enter into the Mystery which leads from death to life.”

Pope Francis also Baptized 10 people during the ceremony, including 5 women, 4 men and a 13 year old girl.


Please find below the full English translation of the Pope’s homily:

Tonight is a night of vigil.
The Lord is not sleeping; the Watchman is watching over his people (cf. Ps 121:4), to bring them out of slavery and to open before them the way to freedom.

The Lord is keeping watch and, by the power of his love, he is bringing his people through the Red Sea. He is also bringing Jesus through the abyss of death and the netherworld.

This was a night of vigil for the disciples of Jesus, a night of sadness and fear. The men remained locked in the Upper Room. Yet, the women went to the tomb at dawn on Sunday to anoint Jesus’ body. Their hearts were overwhelmed and they were asking themselves: “How will we enter? Who will roll back the stone of the tomb?...” But here was the first sign of the great event: the large stone was already rolled back and the tomb was open!

“Entering the tomb, they saw a young man sitting on the right side, dressed in a white robe...” (Mk 16:5). The women were the first to see this great sign, the empty tomb; and they were the first to enter...

“Entering the tomb”. It is good for us, on this Vigil night, to reflect on the experience of the women, which also speaks to us. For that is why we are here: to enter, to enter into the Mystery which God has accomplished with his vigil of love.

We cannot live Easter without entering into the mystery. It is not something intellectual, something we only know or read about... It is more, much more!

“To enter into the mystery” means the ability to wonder, to contemplate; the ability to listen to the silence and to hear the tiny whisper amid great silence by which God speaks to us (cf 1 Kings 19:12).

To enter into the mystery demands that we not be afraid of reality: that we not be locked into ourselves, that we not flee from what we fail to understand, that we not close our eyes to problems or deny them, that we not dismiss our questions...

To enter into the mystery means going beyond our own comfort zone, beyond the laziness and indifference which hold us back, and going out in search of truth, beauty and love. It is seeking a deeper meaning, an answer, and not an easy one, to the questions which challenge our faith, our fidelity and our very existence. 

To enter into the mystery, we need humility, the lowliness to abase ourselves, to come down from the pedestal of our “I” which is so proud, of our presumption; the humility not to take ourselves so seriously, recognizing who we really are: creatures with strengths and weaknesses, sinners in need of forgiveness. To enter into the mystery we need the lowliness that is powerlessness, the renunciation of our idols... in a word, we need to adore. Without adoration, we cannot enter into the mystery.

The women who were Jesus’ disciples teach us all of this. They kept watch that night, together with Mary. And she, the Virgin Mother, helped them not to lose faith and hope. As a result, they did not remain prisoners of fear and sadness, but at the first light of dawn they went out carrying their ointments, their hearts anointed with love. They went forth and found the tomb open. And they went in. They had kept watch, they went forth and they entered into the Mystery. May we learn from them to keep watch with God and with Mary our Mother, so that we too may enter into the Mystery which leads from death to life.
(Courtesy: CNA)



Comments