ඔබ ඔබේ වියපත් දෙමාපියන්ට, ආච්චි සීයලාට සලකන්නේ කොහොමද?




ඔබ ඔබේ වියපත් දෙමාපියන්ට, ආච්චි සීයලාට සලකන්නේ කොහොමද?
Do you have elderly parents or grandparents? Listen to the Holy Father
(2015 මාර්තු 5)
"අපේ වැඩිහිටියන් ඉවත ලෑම මරණීය පාපයක්.වැඩිහිටියන්, වියපත්වුවන් පිටසක්වළ ජීවීන් නොවේ. ඔවුන් යනු අපි මයි. අප ඒ ගැන සිතන්නට අකමැති වුනත් කෙටි කලකින් හෝ දීර්ඝ කාලයකින් පසුව හෝ අපි ඔවුන්ම වීම නොවැලක්විය හැකිය." සුදොතුම් පියාණන් මෙම අනුශාසනය කළේ බදාදා පොදු හමුවට සහභාගී වූ බැතිමතුන් අමතමිනි.
" නුතන ඉවතලෑමේ සංස්කෘතිය විසින් වැඩිහිටියන් සලකනු ලබන්නේ බරක් සහ කරදරයක් ලෙසිනි. ඊට හේතුව ඔවුන් කිසිවක් නිෂ්පාදනය නොකිරීමයි.මේ නිසා විවෘතව නොකලත්, සිදුවන්නේ ඔවුන් අහකට විසිකිරීම" යැයි පාප් වහන්සේ පෙන්වා දුන්හ. "මේ නිසා බොහෝ වියපත් දෙමාපියෝ බියෙන්, අසරණකමින් සහ අත්හැර දැමීමේ වේදනාවෙන් දිවි ගෙවති"
"වැඩිහිටියන් ඉවත ලන සමාජය මරණයේ වෛරස රැගෙන යන සමාජයකි.එබැවින් අපි අපේ වැඩිහිටියන් රැක බලාගෙන ඔවුනට නොසලකමු නම් අපට ද එලෙසම සැලකුම් ලැබෙනු ඇතැයි " ද සුදොතුම් පියාණෝ අනතුරු ඇඟවූහ.



Comments