සාන්ත පීතර චතුරශ්‍රයේ සුබ අස්න බෙදීම "ගෙවල් නැති " ප්‍රජාව අතින්

Pope invites Rome's homeless to distribute Gospels at Sunday Angelus

පාප් වහන්සේගේ ජනවන්දනා කටයුතු  භාර ගුයීදෝ මැරීනි මාහිමිපාණන් සුබ අස්න පොත් බෙදීමට උදවු වෙයි. (Pics - CNA )


(2015 මාර්තු 23) 
ඉරිදා දහවල් සාන්ත පීතර චතුරශ්‍රයට තුන්කාල ආරාධනාව සඳහා එක වූ වන්දනාකරුවන්ට සුවිශේෂය  පොත් බෙදාහරින්න එක්වන්නැයි සුදොතුම් පියාණන් රෝමයේ සැරිසරන "නිවාස රහිත " (Homeless) ප්‍රජාවගෙන් ඉරිදා ඉල්ලා සිටියා. ආරාධනයෙන් උද්යෝගිමත් වූ නිවාස රහිතවුවන් සෙසු ස්වෙච්චා සේවකයන් ද සමග හරි හරියට එක්ව සුබ අස්න බෙදා දෙනු දක්නට ලැබුණා.

මීට කලින් චතාරිකයේ මුල් සතියේ පුංචි යැදුම් පොතක් බෙදා දෙන්නත් ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් මේ ජනයාගේ සේවාව ලබා ගත්තා.

Homeless හෙවත් 'ගෙදරක් නැති' ප්‍රජාව යුරෝපයේත් උතුරු ඇමෙරිකාවෙත් ප්‍රධාන නගර වල බහුල වශයෙන් දක්නට ලැබෙනවා. සමහරුන්ට මවක්, පියෙක්, නෑ සියෙක් නොමැති නිසා හෝ රැකියාවක් නොමැති නිසා මේ තත්වයට පත් වී ඇති අතර තවත් අය මේ තත්වයට පත්වන්නේ විවිධ මානසික ආබාධ නිසයි. නැතහොත් සමාජයට එරෙහි විවිධ වෛර සහගත සිතිවිලි සිත් තබා ගෙන සිටින නිසයි. මේ ප්‍රජාව තමන් සතු ඇඳුම් කැඩුම් වැනි සියල්ල මලු වල හොවා කරත්තයක දමාගෙන හෝ ගමන් මල්ලක ලා කරේ එල්ලා  ගෙන හෝ තැනින් තැන යන අයුරු මේ නගරවල  දක්නට පුළුවන්. ආවරන සහිත  බස් නැවතුම් පොළවල හෝ සීත කාලයට විවිධ දයා සේවා ආයතන පවත්වාගෙන යන 'රක්ෂස්ථාන' (Shelters ) වල ඔවුන් නිදා ගන්නවා. ඔවුන් තුළ බොහෝ දුරට ඇත්තේ අසුබවාදී, ඍණාත්මක සිතිවිලි යි.

ඉතින්  මේ අයුරින් 'ගෙදරක් නැති' ප්‍රජාව පුංචි සේවාවකට යොදා ගැනීමෙන් ප්‍රැන්සිස් සසුන් පියාණන් බලාපොරොත්තු  වන දේ  පැහැදිලියි: ඍණාත්මක අඳුරු වළා  ඔවුන්ගේ මනසින් පහ කර "මම වටිනා පුද්ගලයෙක්. මාව සමාජයට වටිනවා" යන අදහස ඔවුන් තුළ වර්ධනය කරවීමයි, ඒ බලාපොරොත්තුව. ඒ මගින් ආත්ම විශ්වාසය ජනිත වී කිසියම් ප්‍රයෝජනවත් සේවාවක නිරත වුවහොත් ඔවුන් සමාජයට බරක් නොව ඵලදායී  පිරිසක් බවට පත්වනු ඇති. මේ ගැන ඔවුන්ට දේශනයක් දෙනවාට වඩා අත්දැකීමෙන් විඳගන්නට හැරීම කෙතරම් ප්‍රායෝගික ද? ඒ වගේම මනෝ විද්‍යාත්මක ද?

ගෙදරක් නැති ප්‍රජාව සුබ අස්න බෙදා අවසන් වීමෙන් පසු සුදොතුම් පියාණන් මෙසේ පැවසුවා: "මේ සුන්දර සිද්ධියේ ජේසු සමිඳුන් ප්‍රසන්න වන ඉඟියක් අප දකිනවා. එනම් දේව වචනය වඩාත් අවශ්‍ය වන්නේ එය බෙදා දෙන අයටයි." සුදොතුම් පියාණන් මේ වාක්‍යයෙන් දෙන පණිවිඩය තේරුම් ගන්නට උත්සාහ කරන්න."දේව වචනය වඩාත් අවශ්‍ය වන්නේ එය බෙදා දෙන අයටයි"

තුන්කාල ආරාධනාවට පෙර ප්‍රැන්සිස් පාප් වහන්සේ එම ඉරිදා සුබ අස්න පාදක කර ගනිමින් අනුශාසනාවක් කළා.එදින සුබ අස්න ජේසු සමිඳුන් සිය මරණය සහ මහිමයට පත්වීම පිලිබඳව  කලින් ප්‍රකාශ කිරීමයි. "ජොහාන් 12:20-33) එය රසවත්ව ව්ග්‍රහ කළ සුදොතුම් පියාණන් මෙසේ කීවා:

" 'අපට ජේසු සමිඳුන් දකින්නට කැමැතියි ' යනුවෙන් ග්‍රීකයන් පිලිප්ට පැවසු දේ යුගයෙන් යුගය සංස්කෘතීයෙන් සංස්කෘතියට මානව හදවත් තුළ නිරන්තරයෙන් ජනිතවන ප්‍රාර්ථනයක්; ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ඇසුනත්, උන්වහන්සේ මුහුණට මුහුණ මුණගැසීමට නොහැකි වූ අයගේ හදවත් තුළ ඇති වන ආශාවක්.
ක්‍රිස්තුන් වහන්සේ ඊට පිළිතුරු දෙන්නේ, වක්‍රාකාරයෙන් තමන්වහන්සේ ගේ මරණය පිළිබඳව දිවසින් පවසමින්. කුරුසියේ පැය වූ  එය ඉතිහාසයේ අඳුරුම පැයයි . එහෙත් එය උන්වහන්සේ කෙරෙහි අදහාගන්නන්ට එය ගැලවීමේ උල්පතයි.

දිවැස්  වැකිය තව දුරටත් පවසමින් උන්වහන්සේ පවසන්නේ බීජයක් පොළොවට වැටී මිය නොයන්නේ නම් එය තනි බීජයක්ව පවතින බවයි. එහෙත් එය මිය යන්නේ නම් එයින් මහත් ඵල ලැබෙයි.

මේ මගින්   ක්‍රිස්තුන්වහන්සේ ගේ කුරුසියේ තවත් පැත්තකුයි රූපනය කරයි . එනම් සරු බවයි. ජනන ශක්තියයි. ජේසු සමිඳුන් ගේ මරණය යනු , ඇත්ත වශයෙන් ම, කිසි දා නොසිඳෙන නව ජීවනයේ  ශක්ති උල්පතයි. මන්ද දේව ප්‍රේමයේ ප්‍රතිජනන බලය කුරුසියේ රැඳී ඇති  නිසාය."

Comments