ප්‍රැන්සිස් සුදොතුම් පිය දස වස් සංවත්සරයට ලොව සිව් දෙසින් ස්වර්ගයට එසැවෙන යැදුම් පහන් පොකුරක් ! එකතු වෙන්න ඔබටත් අවස්ථාවක් ! ලෝක සිතියමේ ඉටිපහනක් දල්වමින් එකතු වන්න !

A special prayer initiative for the 10th anniversary of Pope Francis' pontificate


"රෝමයේ රදගුරු තුමා ඔබව  ආශීර්වාද කරන්න පෙර, රදගුරු තුමාව ආශීර්වාද කරන්න කියා යාච්ඥා කරන්න." මතකද?


(2023 පෙබරවාරි 14)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සසුන් පිය පදවියට තේරී පත්වී ලබන මාර්තු 13 වැනිදාට හරියට ම දස වසරක් සපිරේ. 

එදිනට එතුමන් වෙනුවෙන් විශේෂ යැදුම් පහන් පොකුරක් ලොව පුරා සෑම ප්‍රදේශයක ම සිදු කිරීමට ඩිජිටල් සාංගමනික මූලිකත්වය පියවර ගෙන තිබේ. 

ප්‍රැන්සිස් සසුන් පිය ධුර සමයට දස වසරක් පිරෙන මාර්තු 13 වැනි දා එතුමන් වෙනුවෙන් දෙවි පියාණන්ට ස්තුති කිරීමට සහ එතුමන් ගේ දූත මෙහෙවරට දේව වරප්‍රසාද  ඉල්ලමින්  යාච්ඥා කරන්නයි ඩිජිටල් සාංගමනික මූලිකත්වය (The Digital Synod)  ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට ඇරැයුම් කරන බව වතිකාන ප්‍රවෘත්ති සේවාව කියයි. . 

ඒ සඳහා ඔබ කල යුත්තේ එතුමන් වෙනුවෙන් එක නමෝ මරිය යැදුමක් හෝ  ඔබට හැකි නම්  ඊට වැඩියෙන්  ඔබට හැකි නමෝ මරිය සංඛ්‍යාවක්  හෝ  බැති බරව ඔප්පු කිරීමයි. මේ  නමෝ මරිය යැදුම් ජාලයට එක වන බව ලෝකයට ම පෙන්වීමට ද ඔබට හැකිය. එසේ කල හැක්කේ ලෝක සිතියමේ ඔබ සිටින ස්ථානයේ ඉටිපහනක් දැල්වෙන්නට සැලැස්වීමෙනි. ඒ සඳහා ඩිජිටල් සාංගමනික  මූලිකත්වය සිය වෙබ් අඩවියට  ලෝක සිතියමක් එක්කර ඇති අතර එම සිතියමට පිවිසීමෙන් ඔබට ඔබ සිටින ප්‍රදේශයේ වර්චුවල් ඉටිපහනක් දැල්වීය හික්ය. .

මෙතැනින් එම වෙබ් පිටුවට පිවිස ඔබට ඔප්පු කල හැකි නමෝ  මරිය සංඛ්‍යාව ලකුණු කොට එහි ඇති දිගුව ඔස්සේ ඩිජිටල් ඉටි පහන දල්වන්න. 

සංවත්සර දින එම ඉටි පහන් දැල්වුණු ලෝක සිතියම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට පිරිනැමීමට සිජිටල් සංගමනය බලාපොරොත්තු වෙයි. 

පේදුරු තුමන් ගේ දූත මෙහෙවර 

"පේදුරු තුමන් ගේ දූත මෙහෙවර ජේසු සමිඳාණන් සිය සභාවට දානය කල මහාර්ඝ වරප්‍රසාදයකි. ඒ වෙනුවෙන් අප නිරන්තරයෙන් උන්වහන්සේට කෘත ගුණ පූර්වක විය යුතු ය" යි මේ සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි. 

"මේ නිසා අප ගේ හොඳ  ම තිළිණය විය යුත්තේ යාච්ඥාවයි.  ඒ මගින් උන්වහන්සේ එම දූත සේවාව සඳහා තමන් විසින් තෝරා පත්කරගන්නා ලද තැනැත්තාට ආධාර කරනු ඇත. මන්ද උන්වහන්සේ   මේ පර්වතය මත කාලය සහ ඉතිහාසය තුළ සිය සභාව ගොඩනගන සේක" යි එම නිවේදනයේ සඳහන් වේ.  

ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය ධුර කාලය ආරම්භ කලේ ම තමන් වෙනුවෙන් යාච්ඥා කරන ලෙස ඒ වන විට සාන්ත පීතර චතුරශ්‍රයට රොක් වී සිටි දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිමිනි. ජනතාව එතුමන් ආශීර්වාද කරන තෙක් එතුමා ඔවුන් වෙත හිස නම ගෙන් යාච්ඥා කළේය. 

අපි අපේ යැදුම් වලින් සුදොතුම් පියතුමන් ඔසවා ගෙන යමු. 

එතුමන් වෙනුවෙන් ලක්බිම පුරා ම වර්චුවල් සහ සැබෑ  යැදුම් ඉටිපහන් දල්වමු !



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය