" සුදුතුම් පියාගේ වෙසක් සුබ පැතුම "

(2015 මැයි 3)
බොදුනුවන් සහ කිතුනුවන් නුතන වහල් බාවයට විරුද්ව සටන් කල යුතුය - 

දයාබර බොදුනු මිත‍්‍රවරුනි,

1. සමයාන්තර සංවාදය පිළිබඳ අපෝස්තලික සසුන්
කොමිසම නැවත වාරයක් ඔබ විසින් සමරනු ලබන වෙසක්
මංගල්‍යය වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම් ඔබ
සියලූදෙනා වෙත පුදකර සිටී. ගෞතම බුදුන් වහන්සේගේ
ජිවිතයේ සුවිශේෂි අවස්ථාවන් තුනක් වන උපත, බුද්ධත්වයට
පත්වීම සහ පි˙නිවන් පෑම සතුටින් සමරන මේ මොහොතේඣී
දුක් පීඩා විඳින සියල්ලන් හා අවාසනාව ගැන අවධානය
යොමු කරමින් අපි සියලූ දෙනා ඔවුනට වඩාත් සුව පහසු, සතුට
ළගා කරදෙන්නට පේ‍්‍රමයේ සහ කරුණාවේ කි‍්‍රයාකාරකම්වල
නියැලෙමු.

2. අතිඋත්තම ප‍්‍රැන්සිස් ශුද්ධොත්තම පියතුමාගේ 2015ලෝක සාම ත්‍ථන පනි වුඩයේ තේමාව වූ ‘තවදු රටත් වහලු න්නොමැත· එහෙත් සහෝදර සහෝදරි යෝය’ යන්නෙන් සැමපිබිදු න බැව් ඔබ වෙත ලියා සිටින්නෙමු. ශුද්ධොත්තම පියතුමානිරික්‍ෂණය කරන පරිදී  ඓතිහාසිකව වහල්භාවයේ පැවැත්ම කලකදී  පොදු වේ පිළිගැනීම හේතුවෙන් මතුවු ප‍්‍රතිඵල වූයේ ‘අනෙක් අය ප‍්‍රතික්‍ෂේප කිරි ම, ඔවුන්ට අයහපත් ලෙස සැලකීම. ඔවුනගේ ගරුත්වය කෙලෙසීම, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරි ම සහ අසමානතාවය ආයතන ගත කිරි මආදී යයි. ‘වහලකු මිළදී  ගැනීමටත්, අලෙවි කිරි මටත්, ඉවත ලෑමට හෝ පිළිගැනීමටත් හැකිවීම මගින් ඔහු හෝ ඇය හුදෙක්ම වානිජමය නිෂ්පාදනයක් වනු ඇත. ශුද්ධොත්තම පියතුමා තවදු රටත් කරුණු දක්වමින වහල් භාවය නිල වශයෙන් මුලු ලෝකයෙන්ම තුරන් කර ඇති නමුත් තවදුරටත් වරථතමානයේ සියලූ වයස සීමාවල දස ලජෂ සංඛ්‍යාත මිනිසුන් දරුවන් හා කාන්තාවන්ගේ නිදහස අහිමිකර සහ වහල්භාවයට සමාන  තත්ත්වයන් තුළ ජිවත්වන්නට බලකර  සිටී.

3. අතිඋතුම් ප‍්‍රැන්සිස් ශුද්ධොත්තම පියතුමා වරථතමානයේ වහල් භාවයට නිදසුන් ලබාදෙයි. පිරිමි,කාන්තා හා ළමා කම්කරුවන් ශ‍්‍රම සංක‍්‍රමිකයන් ලෙස ශාරිරිකමානසික සහ ලිංගික අපයෝජනයන්ට ලක්වෙමින් ලැජ්ජා සහගත රැුකියා තත්ත්වයන් තුළ බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ නියැළෙන්නට පොළඹවන අතර ඉන් බොහොමයක් බාලයන්ය. එමෙන්ම පි˙මි හා කාන්තා ලිංගික වහලුන්ය. ත‍්‍රස්තවාදීන් පැහැරගෙන බලහත්කාරයෙන් යුද පෙරමුණේ බිල්ලට යවන වද හිංසනයන්ට. අත් පා සිඳ බිඳ දමා හෝ මරණයට පත්කරන අය ද වෙති. මානව හදවත් පෝෂණය සහ නොතකා හැරිම නිසා විරූපී කර ඇති අතර සසුන් පියාණන්ට අනුව මිනිස්කමට එරෙහිවන මේ භයානක යක්‍ෂයන් ඊට හේතුවේ. හදවත් පෝ ෂණය වුවහොත් මිනිසා තවදුරටත් අන් අය දෙස සමාන ගරුත්වයෙකින් යුතු මිනිසුන්, පොදු මනුෂ්‍යත්වය බෙදා හදා  ගන්නා සහෝදර සහෝදරි යන්, තවත් භාණ්ඩ වලට වෙනස් ලෙසින් නොබලයි.

4. දයාබර මිතුරනි, වරථතමාන වහල් භාවය සහ මිනිස් ජාවාරම බරපතල අපරාධ වීමේ වරද අප බෙදා  ගත යුතු අතර වරථ තමාන සමාජය නමැති දේහයේ ඒවා විවෘත තුවාල වී ඇත. බුදු න් වහන්සේගේ ආරයය අෂ්ටෘංගික මාර්ගගයේ එක් අංගයක්වූ නිවැරැුදී ජිවන මාර් ගය තුළින් ජිවමාන මිනිසුන් වෙළෙදාමට, වහලු න් හා ගනි කාවන් ද ඇතුළත් වන අතර රස්සා පහකින් එකක් වන එහි නියැලිය යුතු නැති බව පවසන සේක. උන්වහන්සේ වත්කම් සාමකාමීව, අවංකව සහ නීතිමය එකගතාවෙන් යුතුව, බලහත්කාරයෙන්, ප‍්‍රචණ්ඩත්වයෙන් හෝ වංචාවෙන් තොරව සහ එමගින් හිංසාවක් හෝ පීඩාවක් සිදු නොවන බව  ප‍්‍රකාශ කරති. මේ මගින් බුද්ධ ධර්මය ජිවිතය කෙරෙහි  ගරුත්වය සහ සෑම පුද්ගලයකුගේ ම නිදහස තහවුරු කරන්නේය.

5. බොදු නුවන් හා කිතුනුවන් ලෙස මිනිස් ජි වියට ගරු කිරි මට කැපවී සිටින නිසා මේ සමාජ ව්‍යාධිය අවසන් කිරිමට එකමුතුව අප අත්වැල් බැඳ ගත යුතුය. අතිඋත්තම ප‍්‍රැන්සිස් ශුද්ධොත්තම පියතුමා වෙනස්කම් හා නොතකා හැරිම් මතින් අපට ඇරයුම් කරන්නේ ‘පීඩිතයන්ට අවශ්‍ය සහය පිරි නමන්නටත්, ඔවුන්ගේ මානසික හා අධ්‍යාත්මික පුනරුත්ථාන උදෙසා කටයුතු කරන්නට සහ යළිත් ඔවුන් සමාජ ගත කිරිමේදී ඔවුන් කොතැන ජිවත්වන්නේ ද හෝ කොතැන සිට ඔවුන් පැමිනියේ දැයි නොතකා කටයුතු කරන්නටත්ය.

6. අප ඔබගේ වෙසක් මංගල්‍යය වෙනුවෙන් යාච්∆  කරන අතර අප මධ්‍යයේ වෙසෙන අඩු පහසුකම් සහිත පිරිස් වෙත සතුට ගෙන එන්නට විශේෂ කි‍්‍රයාකාරකම් සිදුකරන්නටද ‘තවදු රටත් වහලූන් නොමැත· එහෙත් සහෝදර සහෝදරි යෝ’ යන තේමා පාඨය පිළිබඳව ගැඹුරි න් අවධානය යොමුකර විවිධ මං ඔස්සේ එකමුතුව කි‍්‍රයාකර සහෝදරත්වය තුළ ජිවත් වන්නටත්, පේ‍්‍රමයෙන්, කාරුනි ක සහ දයාවෙන් සියල්ලන්ට සලකන්නටත් පියවර ගනිමු.

නැවතත් ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !~

අතිඋතුම් ජි න් ලූයිස් කාදීනල් ටවුරන් හිමි
සභාපති
ගරු මිගෙල් ඒන්ජල් අයුසෝ ගුයිසොම්
ඥානාර්ථ ප්‍රදීපය -

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය